Local

විදුලි ගාස්තු වැඩි කිරීම ජනවරම පාගා දැමීමක් - සජිත්

Wednesday, 11 June 2025 - 6:34 pm

විදුලි ගාස්තු වැඩි කිරීම තුළින් වත්මන් රජය ලබාගත් ජනවරම පාගා දැමීමක් සිදුකර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි ගාස්තු වැඩි කිරීම සිදුකරන ලද්දේ රජය සහ විදුලිබල මණ්ලය විසින් සිදුකළ යෝජනාවක් අනුව බවයි අද (11) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

මැතිවරණ වේදිකාවේදී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක එදා ප්‍රකාශ කළේ, රුපියල් 9000 ක විදුලිබිල රුපියල් 6000ක් බවට පත් කරන බවද, 33% කින් විදුලි ගාස්තු අඩු කරන බවද යැයි ඔහු ප්‍රකාශ කළා.

රජය තුනෙන් දෙකක බලයක් ලබාගෙන සිදුකළ යුතුව තිබුණේ විදුලි ගාස්තු 33% කින් අඩු කිරීම බවත්, නමුත් වර්තමානයේ සිදුව ඇත්තේ රජය ජනතාවට ලබාදුන් ප්‍රකාශ අමු අමුවේ උල්ලංඝණය කරමින්, ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශ බොරු බවට පත් කරමින්, විදුලි ගාස්තු 15% කින් ඉහළ දැමීම බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කර සිටියේ


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT