Local

කඩුවෙල හෙල්ලූ වැලිවිට සුද්දා කුඩුත් එක්ක මාට්ටු

Friday, 23 February 2024 - 10:41 am

කඩුවෙල හා ඒ ආශ්‍රිතව මහා පරිමාණයෙන් මත්කුඩු බෙදා හරිනු ලබන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු වන මලලගේ සුදත් කිත්සිරි නොහොත් වැලිවිට සුද්දා හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 300ක් සමඟ කඩුවෙල පොලිසිය මඟින් ඊයේ (22) අලුයම අත්අඩංගුවට ගෙන තිබිණ.

අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය ඊයේ (22) නියෝග කළාය.

ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතුරින් ලැයිස්තුගත සැකකරුවකු වන මෙම පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් සිටි බවත් ලද තොරතුරක් මත කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී මෙම අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වූ බව මෙහිදී පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කමල් ප්‍රසන්න විජේසිරි මහතා අධිකරණය වෙත දන්වා සිටියේ තම සේවාදායකයා ඔහුගේ සහෝදරයකුගේ නිවෙසක නිදා සිටියදී පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම අවස්ථාවේදී තම සේවාදායකයා සතුව නීති විරෝධී කිසිදු ද්‍රව්‍යයක් නොතිබූ බවයි.

අවස්ථා රැසකදීම වැලිවිට සුද්දා පොලිසියට හසුවී ඇති අයෙකි. ඔහු මෙයට පෙර පොලිස් විශේෂ කාර්ය බළකායට ද හසුවී තිබිණි. පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් 2023 වසරේ ජනවාරි 29 වැනිදා ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් ග්‍රෑම් 13ක් සමඟිනි.

මාස 04ක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස ලැබූ ඔහු අනතුරුව පොලිසියට කට්ටිපනිමින් සැඟවෙමින් මත්කුඩු ජාවාරම මෙහෙයවා තිබිණි. පසුව නැවතත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිසියට කොටුවූ ඔහු ඇප මත නිදහස ලබා පසුගිය දිනවල සිට ඇත්තේ පොලිසියට කට්ටි පනිමිනි.

වැලිවිට සුද්දා රටින් පලාගොස් සිටින බවට තොරතුරු ද පසුගිය කාලයේ කියැවිණි. ගුවන් ගමන් තහනමක් ඔහුට ඇති බැවින් රටින් පලා යෑමට නොහැකිව සිට ඇති බව ද සඳහන්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කාර්යාශය මඟින් ද වැලිවිට සුද්දා සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර තිබී ඇත. කඩුවෙල පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව වැලිවිට සුද්දාට අයත් බව කියන බස් රථ 05ක්, මෝටර් රථයක්, යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇත්තේ එම විමර්ශනය අතරතුරදීය. මෙම දේපොළ විවිධ පුද්ගල නම්වලින් මිල දී ගෙන තිබූ ඒවා මිස වැලිවිට සුද්දාගේ නමින් කිසිවක් නොවීය. ඒ හැම දේපොළක්ම ඇත්තේ ඔහුගේ ඥාතීන්ගේ නම්වලිනි. මෙම දේපොළවල වටිනාකම රුපියල් කෝටි 05ක් පමණ වනු ඇත.

එම වත්කම් නීති විරෝධී ආකාරයෙන් උපයාගත් මුදල් යොදවා මිල දී ගෙන තිබූ බවට සැක කරමින් විමර්ශන පැවැත්වූවත් යම් නීතිමය ගැටලුවක් මත කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මඟින් එම දේපොළ හිමිකරුවන්ට මුදා හරින ලෙස පසුගිය සතියේ නියෝග කරනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් අභියාචනයක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය නීතිපතිවරයා මඟින් හෝමාගම මහාධිකරණයට ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හෝමාගම මහාධිකරණය පෙරේදා (21) නිකුත් කරනු ලබන්නේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් මුදා හැරීමට නියෝග කළ එම දේපොළ වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන වැඩිදුර විමර්ශන පවත්වන ලෙසය.

අත්අඩංගුවට ගත් වැලිවිට සුද්දා කඩුවෙල පොලිස් ස්ථානයේ පැය 72ක කාලයක් රඳවාගෙන විමර්ශන පැවැත්වීමට අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට පොලිසිය සූදානමින් සිටියි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT