Local

අද කලඑළි වන අස්ගිරි සෑරදුන්

Monday, 19 August 2024 - 11:03 am

අස්ගිරි මහා විහාර මහ පිරිවෙන් පුණ්‍ය භූමියේ ඉදිකර ඇති සෑරදුන්ගේ ධාතු ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කිරීමේ උතුම් පුණ්‍යෝත්සවය නිකිණි පුර පසළොස්වක පොහොය යෙදෙන අද (19) දිනයේ සුවහසක් සැදැහැවතුන්ගේ සාධුකාර මැද පැවැත්වීමට නියමිතයි. ඒ, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. ඓතිහාසික සෙංකඩගල රාජධානියට අයත් අස්ගිරි මහා විහාර මහ පිරිවෙන සැලකෙන්නේ මෙරට භික්ෂු අධ්‍යාපනයට වෙන් වූ ප්‍රමුඛතම මූලස්ථානය ලෙසයි. ශ්‍රී දළදා මාලිගාවේ වැඩ වෙසෙන දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් ඇප උපස්ථාන හා තේවා කටයුතු සිදුකිරීමේදී ද අස්ගිරි මහා විහාර පාර්ශ්වයෙන් අපරිමිත මෙහෙයක් ඉටු වනවා. මේ අනුව, අද පෙරවරු 10.20ට යෙදෙන සුබ මොහොතින් අස්ගිරි සෑ රදුන්ගේ ධාතු මන්දිරයේ සර්වඥ ධාතු තැන්පත් කිරීම මෙරට බෞද්ධ පුනරුදයට මෙන්ම ශාසනයේ උන්නතියට අප්‍රමාදීව සිය සැදැහැති දායකත්වය ලබා දෙන හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි. මේ අතර සුවහසක් සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍ර වන අස්ගිරි මහ සෑරදුන්ගේ සර්වඥ ධාතු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය අද පෙරවරු 10 සිට හිරු ටී.වී. ඔස්සේ සජීව විකාශයක් ලෙසින් ඔබ වෙත ගෙන ඒමට සියල්ල සූදානම්.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT