Local

පරදින බව දැනගෙන පොහොට්ටු අපේක්‍ෂක ඩීල් එකකට.. ප්‍රසන්න රණතුංග

Monday, 05 August 2024 - 8:02 am

පරදින බව දැනගෙනම පොදුජන පෙරමුණෙන් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන්නේ ඩීල් එකකට බවත් පොදුජන පෙරමුණ දෙකඩ කළේ ජනාධිපතිරයාට සහාය පළ කරන පිරිස නොව පාක්ෂිකයන් පිළිබඳව කිසිදු තැකීමක් නැති සිය පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන්ම පෙනී සිටින සුළු පිරිසක් බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පාක්ෂිකයන් ගැන නොසලකන මේ සුළු පිරිස පක්ෂය මුදලට පාවා දුන් බවයි‍.
රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් මතුකළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.

මෙහිදී මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්න සහ පිළිතුරු මෙසේය,

ප්‍රශ්නය – චෝදනාවක් තියෙනවා ඔබතුමා පක්ෂේ කැඩුවේ කියලා. පක්ෂේ කැඩුවේ ඇයි?

පිළිතුර – මම තමයි පක්ෂය ඒකරාශී කරගෙන මේ ගමන යන්න උත්සාහ කරන්නේ. එහෙම කැඩුවනන් කැඩෙන්නේ 2022 රනිල්ව පත් කර ගන්නේ නැතිව ඩලස්ව පත් කරගන්න තිබුනා. එහෙම කරේ නැත්තේ රට ගැන හිතලා පක්ෂය ඒකරාශී කරගෙන යන වැඩපිළිවෙලක් තමයි යෝජනා කරන්නේ.

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහට කඩේ යනවද?

පිළිතුර – එතුමට කඩේ යන්න අවශ්‍ය නෑ. එතුමා අභියෝග භාරගත්තා. සජිත් ප්‍රේමදාස, හර්ෂ මන්ත්‍රීතුමා එහෙම මුදල් අමාත්‍යාංශයේ ලේකම් එක්ක කතා කරලා රට තියෙන්නේ අවධානම් තත්ත්වයක බාරගන්න බෑ කියලා කිව්වා. මතක ඇති Twitter එකෙත් දැම්මා. එහෙම කියපු වෙලාවක රට බේරගත්ත නායකයාට කඩේ ගියාට වැරැද්දක් නෑ. එහෙම යන්න මිනිස්සු කැමති නිසයි ඒකමතිකව මේ තීන්දුව ගත්තේ.

ප්‍රශ්නය – ඔබතුමාට ආසන සංවිධායකකම නැති වෙනවා. ඒ ගැන දුකක් නැද්ද? ඔබතුමාලා අවදානමක් නේද ගන්නේ. රනිල් වික්‍රමසිංහ පැරදුනොත් ?

පිළිතුර – මම ඒ අවදානම ගත්තේ අද ඊයේ නෙවෙයි. එදා මහින්ද සුළගෙදිත් ශ්‍රී.ල.නි.ප ට විරුද්ධව මම ඔය තීන්දුව ගත්තා. අදත් මම ඒ තීන්දුව ගන්නවා. මොකද රට වෙනුවෙන් ගන්න තීන්දුවක් නරක් වෙන්නෑ.

ප්‍රශ්නය – ඔබතුමා දිස්ත්‍රික් නායකකමින් අයින් කරනවා කියලත් කිව්වා. ඇත්තටම උදයංග වීරතුංග කියන්නේ කවුද?

පිළිතුර – මෙහෙමයි, මාධ්‍ය මිනිහා උස්සලා ගද්දී මිනිහා වීරයා වෙනවා. නාමල් රාජපක්ෂලත් කියනවා ඔහු බොරු කියන්නේ කියලා. චමල් ඇමතිතුමා කියනවා ඔහු පිස්සෙක් කියලා. ඉතින් මම මොකටද ඕක ගැන කතා කරන්නේ. පවුලේ අයම කියනවා ඒ කාරණා. මම ඕවට උත්තර දෙන්න ඕන නෑ. දිස්ත්‍රික් නායකකමින් මාව ඉවත් කරනවා කියලා කියනවා. කවදාවත් මට දිස්ත්‍රික් නායකත්වයවත් ආසන සංවිධායකකමවත් දීලා තිබ්බේ නෑ. දීලා තිබුනේ කැඳවුම්කරු කියලා. මහ ඇමති තනතුර අතෑරපු මට ඕවා අතාරින එක මහ ලොකු දෙයක් නෙවෙයි.

ප්‍රශ්නය – පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් අන්තිම මොහොතේ දැම්මේ කොහොමද?

පිළිතුර – ඒක දාපු අයගෙන් අහන්න ඕන. එතැන වෙන ඩීල් යනවා. සමහරු හිතනවා එයා ඉදිරිපත් වෙනවා කියලා. ජනාධිපතිතුමා පරද්දන්න පරදින බව දැන දැන පොහොට්ටුවෙන් කෙනෙක් එවනවා. ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයේදී යනවා සජිත් ගේ පිලට. ගිහින් ඇමතිකම් ගන්නවා. මොකද රනිල් පැරැද්දුවේ එයා කියලා හිතලා. රට ගැන හිතලා නෙවේ හැමෝම වැඩ කරන්නේ පුද්ගලවාදී දේශපාලනයක් තුලයි. එතනයි මේ රටට වරදින තැන.

ප්‍රශ්නය – මේ පරම්පරා ගත දේශපාලනය ඉවර කරලා මේ රට ඔබතුමාලා අතට ගන්න බැරිද?

පිළිතුර – හැමදාම මගේ පරමාදර්ශී නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා. නමුත් අද තත්ත්වය වෙනස්. ආර්ථික අර්බුදයෙන් රට බේරගත්ත නායකයාට දේශපාලන වේදිකාවක් හැදිලා තියෙනවා. සාම්ප්‍රදායික දේශපාලනය අපි වෙනස් කරලා තියෙනවා. UNP, ශ්‍රී.ල.නි.ප, මුස්ලිම් නායකයෝ මේ වේදිකාවට එකතු වෙනවා. මේ රටේ 77න් විශේෂයෙන්ම 94 න් පස්සේ මැතිවරණ තියද්දි සන්ධානගත දේශපාලන නායකයෝ තමා මේ රටේ බලය ගත්තේ. ඉතින් අද ඒ බලය රනිල් වික්‍රමසිංහ මහතාට එකතු වෙලා තියෙනවා. ඒක හොඳ ලකුණක්. රට ජාතිය ගැන හිතලා භේදයකින් තොරව වැඩ කරන්න තැනක් හැදිලා තියෙනවා.

ප්‍රශ්නය – පුළුල් සංන්ධානයකින්ද එන්නේ

පිලිතුර – මෙතුමා ස්වාධීන අපේක්ෂකයෙක් අනෙකුත් දේශපාලන පක්ෂ ඔහුවටා එකතු වෙනවා.

ප්‍රශ්නය – අද මේ රැස්වීමට සහභාගී වෙලා මේ තීරණ ගන්නේ කවුද?

පිලිතුර – මෙතනට ආවේ පළාත් පාලන මන්ත්‍රීවරු පමණයි. ඔවුන් එක හඬින් කිව්වේ මැතිවරණයේදී රනිල්ට සහය දෙන්න කියලා.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තව එකතු වෙන්න අය ඉන්නවද?

පිලිතුර – සංඛ්‍යාත්මකව කියන්න බෑ. හෙට අනිද්දට නොහිතන අයත් එකතු වෙනවා අපිත් එක්ක.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT