Local

ඖෂධ මිලට ගන්න අගමැතිනි හරිනිගේ කැබිනට් යෝජනාව ප‍්‍රතික්‍ෂේපයි..

Wednesday, 09 October 2024 - 10:50 am

2025 වසර සඳහා දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ වර්ග 305ක් ලබාගැනීම සඳහා සෞඛ්‍ය ඇමැතිනී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සන්දේශය දෙවන වරටද ප්‍රතික්ෂේපවීම නිසා රෝහල්වල ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇත.

ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම පෙරේදා (07 වැනිදා) පැවැති අතර ඊට කැබිනට් සංදේශය ඉදිරිපත් කර තිබිණි.

ලබන වසර සඳහා අවශ්‍ය ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගෙන් මෙතෙක් ලබාගත් ක්‍රමවේද වෙනස්කරමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ඖෂධ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තිරණය කර තිබිණි.

නව වැඩපිළිවෙළ යටතේ දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ ලබා ගැනීමේදී සියයට අටක මිල අඩු කිරීමක්ද සිදුකර ඇත.

ලබන වර්ෂයට අවශ්‍ය ඖෂධ සැපයීම සඳහා දේශීය නිෂ්පාදකයන්ට තොග ඇණවුම් මෙතෙක් ලබානොදීම නිසා ජනවාරි මාසය වනවිට ඖෂධ සැපයීමට නොහැකි තත්ත්වයක් මතුවන බව නිෂ්පාදකයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. ඊට හේතුවී ඇත්තේ ඖෂධ නිෂ්පාදනය සඳහා මාස තුනකට අධික කාලයක් ගතවීමයි.

කැබිනට් අනුමැතිය ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සමග ඊයේ (08 වැනිදා) පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

තවද පැරණි ක්‍රමවේදයට හෝ ඖෂධ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT