Local

කතරගම දේවාලයේ පෙරහැරට සහභාගී වන්නන්ට නිවේදනයක්

Saturday, 21 June 2025 - 6:19 pm

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා සහභාගී වන සැදැහැවතුන් පිළිපැදිය යුතු රෙගුලාසි ඇතුළත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ , මොණරාගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම් පසන් එස්.බී රත්නායක මහතා විසින් ය.

කතරගම මැණික් ගඟේ පැරණි තොටුපළේ සිට කිලෝමීටර් 1.6ක අර්ධ විෂ්කම්භයකින් වට වූ ප්‍රදේශය සහ සෙල්ල කතරගම පුල්ලෙයාර් කෝවිලේ සිට කිලෝමීටර් 0.4ක අර්ධ විෂ්කම්භයකින් වටවූ ප්‍රදේශය කඳවුරු ප්‍රදේශය ලෙස වෙන්කර ඇති බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

දිස්ත්‍රික් ලේකම්වරයාගේ හෝ බලයලත් නිලධාරියෙකුගේ ලිඛිත අවසරයක් නොමැතිව කිසිවෙකු විසින් හෝ ඇසළ උත්සවය පැවැත්වෙන කාලසීමාවේදී ඔබ කඳවුරු ප්‍රදේශය තුළ ස්ථීර හෝ තාවකාලික ගොඩනැගිල්ලක් හෝ වෙළෙඳසැලක් ඉදි නොකළ යුතු බව ද ගැසට් නිවේදනය සඳහන් ය.

ඊට අමතරව මැණික් ගඟේ දිය නෑම,රථ වාහන ගාල්කර තැබීම , වෙළඳාම් කිරීම ආදී කටයුතු සඳහාද අදාළ ගැසට් නිවේදනය මගින් රෙගුලාසි පනවා තිබේ.

දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පූජා භූමිය තුළ පනවා ඇති රෙගුලාසි අනුගමනය කරමින් කිසිවෙකුටත් අපහසුතාවයක් ඇති නොවන ආකාරයට ඇසළ උත්සවයට සහභාගි වන ලෙසයි.

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ලබන 26 වැනිදා ආරම්භ වෙයි.

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT