මෙරට මාසික ඉන්ධන මිල සංශෝධනය එළැඹෙන තිස් වැනිදාට යෙදී තිබේ.
පසුගිය ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා මෙරට ජනාධිපති ධුරයට පත් වූ පසු සිදු කරන පළමු ඉන්ධන මිල සංශෝධනය මෙයයි.
ලෝක වෙළඳපොළේ ද ඉන්ධන මිල මේ වන විට පහළ යමක් පෙන්නුම් කරමින් ඇත.
මෙරට ඉන්ධන මිල මත පනවා ඇති විශාල බදු සම්බන්ධයෙන් පැවති ජනාධිපතිවරණ වේදිකාවේදීද වැඩි කතා බහක් ඇති විය.