Local

ෂෙනුක් විජේසිංහ ගේ ‘My Tribute’ ප්‍රසංගය නැරඹීමට ජනපති එක් වෙයි

Thursday, 21 March 2024 - 7:34 am

ෂෙනුක් විජේසිංහ විසින්  සෞන්දරී ඩේවිඩ් රොඩ්‍රිගෝ සහ නෙරංජන් ද සිල්වා සමඟ එක්ව ඉදිරිපත් කළ ‘My Tribute’ ප්‍රසංගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ(19)  පස්වරුවේ  එක් වූහ.

කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී පැවැත්වුණ ‘My Tribute’ ප්‍රසංගය සඳහා ක්‍රිස්ටෝ ප්‍රින්ස් ඩ්‍රම්ස් වාදනයෙන් ද ,නදිනි ඔලෙගසෙග්‍රෙම් මහත්මිය සහ හේමාල් කුරුවිටාරච්චි ආරාධිත ශිල්පීන් ලෙසද සහභාගි වූ අතර සෝල් සවුන්ඩ්ස් ඇකඩමියෙහි ගායනා කණ්ඩායමේ සහාය ගායනයෙන් මෙම ප්‍රසංගය රසවත් විය.

ෂෙනුක් විජේසිංහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් සිය මූලික අධ්‍යාපනය ලබා ඇති අතර ලන්ඩනයේ ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙකු ද වේ. කුඩා අවදියේදීම පියානෝ වාදන පුහුණුව ආරම්භ කළ ඔහු වයස අවුරුදු 5දී ගායන පුහුණුව ආරම්භ කර ඇති අතර සෞන්දරී ඩේවිඩ් රොද්‍රිගෝ සහ චි හෝ මැක් යටතේ  ලන්ඩනයේ ගායනය පිළිබඳ රාජකීය පාසලෙන් අධ්‍යාපනය හදාරා ඇත.

ෂෙනුක් විජේසිංහ ගායනය, වාදනය සහ රංගනය යන ක්ෂේත්‍රයන්හි විවිධ දස්කම් දක්වා ඇති අතර දේශිය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඇගයීම් රැසකට පාත්‍ර වී ඇත.

දෙස් විදෙස් රසිකයින් රැසක් මෙම ප්‍රසංගය නැරඹීමට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT