Local

අපේක්ෂකයින්ගේ ආදායම් විදයම් වාර්තා ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Monday, 02 December 2024 - 9:58 pm

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, අපේක්ෂකයින් නියෝජනය කරන ලද පක්ෂවල ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් විසින් සිය ආදායම් වියදම් වාර්තා එළැඹෙන 06 වැනි දින භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ එදින රාත්‍රී 12.00ට පෙර හෝ ඊට ප්‍රථම එම වාර්තා වෙන් වෙන්ව සකස් කර අපේක්ෂකයින් තරග කරන ලද දිස්ත්‍රික්කවල තේරිම්භාර නිලධාරීන් වෙත භාර දිය යුතු බවය.

එමෙන්ම ජාතික ලැයිස්තු අපේක්ෂකයින් සිය ආදායම් වියදම් වාර්තා මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත භාර දිය යුතු බවත් මැතිවරණ කොමිසම පවසයි.

තවද අපේක්ෂකයින්ට සහ අපේක්ෂකයින් නියෝජනය කරන ලද පක්ෂවල ලේකම්වරුන්ට ස්වාධීන කණ්ඩායම් නායකයින්ට සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ට මැතිවරණ ආදායම් වියදම් වාර්තා භාර දීමට හැකිවන පරිදි සාමාන්‍ය රාජකාරී දිනවල පස්වරු 6.00 දක්වා සහ එලැඹෙන 06 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සියලුම දිස්ත්‍රික්කවල මැතිවරණ ආදායම් වියදම් වාර්තා භාර ගැනීමේ විශේෂ ඒකක විවෘතව තැබීමටද කටයුතු කර තිබේ. 

එමෙන්ම එදින හෝ එදිනට පෙර අදාළ වාර්තා භාර නොදීම මැතිවරණ විදයම් නියාමනය කිරීමේ පනත යටතේ වරදක් වන බැවින් ඒ පිළිබඳ නීත්‍යානුකූලය කටයුතු කරන බවත් මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයේ දක්වා තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT