Local

AI තාක්ෂණය ප්‍රවර්ධනය කළ යුතුයි -ජනපති

Saturday, 01 June 2024 - 7:50 am
Breaking News

ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණික ක්‍රම රට තුළ ප්‍රවර්ධනය කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

AI තාක්ෂණය මෙරටට හඳුන්වාදීම පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය.

කෘතිම බුද්ධිය මෙරට විවිධ ක්ෂේත්‍ර සඳහා හඳුන්වාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ විශ්වවිද්‍යාල සිසුන්, ආචාර්යවරුන් ඇතුළු පිරිසක් සමඟ ඊයේ (30) පැවැත්විය.

ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවේදී විශ්වවිද්‍යාල සිසුන් සහ ආචාර්යවරුන් කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් මේවන විට සිදුකරමින් පවතින ව්‍යාපෘති පිළිබඳ ද අදහස් පළකළේය.

''තාක්ෂණය ගැන සැලකූ විට ශ්‍රී ලංකාවට විශාල පිම්මක් පනින්න ඕනේ. තාක්ෂණය අතින් අපි ගොඩක් පසුපසින් ඉන්නවා වගේම තාක්ෂණික දැනුම ආර්ථික ප්‍රතිලාභ සඳහා යොදාගෙන නැහැ. නව ක්ෂේත්‍රය තමයි AI නැතිනම් කෘත්‍රිම බුද්ධිය. අපිට AI අංශයෙන් පසුබසින්න බැහැ අපි AI සමඟ ඉදිරියට යනවා නම් අනෙක් තාක්ෂණික දැනුමත් ඒ සමඟ වැඩි දියුණු කරගන්න හැකි වේවි. අනාගතයේදී අපිව විනිශ්චය කරන ප්‍රධානම මිනුම් දණ්ඩ වන්නේ අපි AI භාවිත කරන ආකාරයයි. 

එහිදී අපට අපහසුතාවයට පත්වන්න බැහැ. තොරතුරු තාක්ෂණයේදී අප කළ වරද මෙහිදී කරන්න බැහැ. තොරතුරු තාක්ෂණයේදී අප සැමවිටම අවධානය යොමු කළේ ව්‍යාපෘති පිළිබඳ මිස ඒවායේ යෙදීම පිළිබඳ නොවේ. ඒ නිසා අප එය ජාතික වශයෙන් ක්‍රියාත්මක කළේ නැහැ. එහි ප්‍රතිඵලය තමයි ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව අපි පසුපසින් පසුවීම. අපි තාක්ෂණික අමාත්‍යාංශය හා එක්ව ඩිජිටල් පරිවර්තන නියෝජිතායතන පිහිටුවීමට කටයුතු කරනවා. ඩිජිටල්කරණය හරහා සමාජ ආර්ථික පරිවර්තනයක් ද සිදුකළ යුතුයි. එය ව්‍යාපෘතියකින් ඔබ්බට ගිය තත්ත්වයක්.

අප ආනයන ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් කරා ගමන් කරමින් පවතින නිසා මෙය ඉතාමත් වැදගත් වනවා. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකරන සාකච්ඡා මේවන විට අවසන් අදියරේ පවතිනවා. අපිට පවතින ණය ගෙවීම සඳහා 2027 සිට 2040 දක්වා කාලයක් ලබා දී තිබෙනවා. ඒ නිසා 2025වන විට අපි ආර්ථිකයේ සැලකිය යුතු පරිවර්තනයක් ඇතිකළ යුතුයි. AIවලට එහි ප්‍රධාන භූමිකාවක් පවතිනවා. ඒ හේතුව නිසයි මම AI දිරිමත් කරන්නේ.''


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT