Business

මෙරට විදුලිබල ක්ෂේත්‍රය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක්

Wednesday, 07 August 2024 - 10:35 am

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ මූල්‍ය තිරසාරභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සහ පහසුකම් සැලසීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ණය මුදලක් අනුමත කර තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රතිපත්ති පදනම් කරගත් ණය මුදලක් මෙලෙස අනුමත කර ඇති බව සඳහන්.

පුද්ගලික ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම, පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය ඉහළ නැංවීම සහ විදුලිබල ජාල නවීකරණය කිරීම සඳහා මෙම වැඩසටහන උපකාරී වනු ඇති.

එමෙන්ම මෙම වැඩසටහන මගින් විදුලිබල පනත යටතේ හඳුන්වා දී ඇති ආයතනික හා නියාමන ප්‍රතිසංස්කරණ ඇතුළුව විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සහ විදුලිබල ක්ෂේත්‍රයේ මෙහෙයුම් තිරසාරභාවය වැඩිදියුණු කිරීමට සහාය වනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.

පුනර්ජනනීය බලශක්තිය සඳහා වන ආයෝජන වේගවත් කිරීමට උපකාර කිරීම සඳහා, 2023-2030 සඳහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්ති සැලසුම් යටතේ බහු මුලපිරීම් සඳහා මෙම වැඩසටහන සහාය වනු ඇති බවද සඳහන්.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT