විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වීමට සංවිධානය කර තිබූ ඒකාබද්ධ සෞඛ්‍ය වෘත්තික බලවේගයේ සමුළුව අත්හිටුවා තිබේ.
ඊට හේතු වී ඇත්තේ ඒ සඳහා සහභාගි වී සිටියේ සෞඛ්‍ය වෘත්තිකයන් විසි දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් වීමයි.
ඊයේ දිනයේ මෙය පැවැත්වීමට සංවිධානය කර තිබුණේ කොළඹ ප්‍රදර්ශන හා මධ්‍යස්ථානයේදීය.
සමුළුව පෙරවරු 09.00ට ආරම්භ කිරීමට නියමිතව තිබුනද පෙරවරු 10.30 වනතෙක්ම එය ආරම්භ කිරීමට ප්‍රමාණවත් පිරිසක් සහභාගි නොවීමෙන් කල් තැබීමට තීරණය කර තිබිණි.
සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයන් දෙදහසක පමණ පිරිසක් ඊට සහභාගි කිරීමට සැලසුම් කර න්න තිබී ඇත.
කෙසේ වෙතත් මෙම සමුළුව නොවැළැක්විය හැකි හේතුවක් නිසා කල් දැමීමට කටයුතු කළ බවත් නැවත පවත්වන දිනයක් පසුව දැනුම් දෙන බවත් එම පක්ෂය සඳහන් කර තිබේ.