Local

යාපනයේ බීජ අර්තාපල් තොගයකට දිලීර වර්ධනය වීම සම්බන්ධව වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දෙයි.

Thursday, 28 December 2023 - 5:15 pm

යාපනයේ කුප්පවේලි ප්‍රදේශයේ ගබඩා කර තිබූ බීජ අර්තාපල් මෙට්‍රික් ටොන් 21ක් භාවිතයට ගත නොහැකි වන අයුරින් දිලීර වර්ධනය වී තිබීම සම්බන්ධව තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට ඊයේ (27)  උපදෙස් ලබා දී ඇත.


ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යාපනය දිස්ත්‍රික්ක කාර්යාලය මගින් ඒ සම්බන්ධව විමර්ශනයක් සිදු කර ඇති අතර එම වාර්තාව අද  (28) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබා දී තිබේ.

එහි දැක්වෙන පරිදි තිරුනෙල්වේලි හි කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාද මේ සම්බන්ධව විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලීමක් කර ඇත.

මෙම බීජ අර්තාපල් තොගය ඔස්ට්‍රේලියාවේ සිට ආනයනය කරන ලද තොගයක් වන අතර ඒවා  ගොවින්ට බෙදා දීම සඳහා යාපනයේ කුප්පිවේලි ප්‍රදේශයේ ගබඩා කර තිබේ.

කෙසේ වුවද නිසි පරිදි ගබඩා කර නොතිබීම නිසා දිලීර විශේෂයක් හා බැක්ටීරියා විශේෂයක් මේ වනවිට එම අර්තාපල් තොගයෙන් සියයට 40ක පමණ වැළඳී ඇති බව සිදු කරන ලද විමර්ශන අනුව පෙනී ගොස් ඇත.

විශේෂයෙන් මෙම බීජ අර්තාපල් බහුතරයක්  කුණු වී  ඇති බවත් ඒ ආශ්‍රිතව Geotrichum Spp නැමැති දිලීරයත් Pectobacterium Carotovorum නැමැති බැක්ටීරියාවත් එම බීජ අර්තාපල්වලට වැළඳී ඇති බව සිදු කරන ලද pathogenic විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

පරිසර දූෂණය වැළැක්වීම සඳහා බලයලත් ශාක නිරෝධායන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නරක් වූ බීජ අල වහාම බැහැර කිරීමට උපදෙස් දී ඇත.සම්පූර්ණ පරීක්‍ෂාවෙන් පසු ජාතික පැළෑටි නිරෝධායන නිර්දේශ මත පදනම්ව ක්ෂේත්‍ර රෝපණ සඳහා ආසාදිත නොවන බීජ අල මුදා හැරීම සළකා බැලිය හැක. ඒ සඳහා නිර්දේශ කරන්නේ  නම් ක්ෂේත්‍ර රෝපණ සඳහා ආසාදිත නොවන අල ගොවීන්ට බෙදා හැරීමට සිදු කරනු ලබන අතර, Tiophannate- Methyl 50%, හා Thiram වැනි  හෝ සුදුසු දිලීර නාශකයක් සිටුවීමට පෙර යෙදීම නිර්දේශ කළ යුතු වේ.

මේ අතර මෙම බීජ අර්තාපල් නිසි ලෙස ගබඩා කිරීම සඳහා පියවර නොගැනීම මෙන්ම ඒවා විනාශ වීම මගින් රජයට සිදු කළ පාඩුව සැළකිල්ලට ගෙන අදාල වගකිවයුතු නිලධාරින්ගෙන් කරුණු විමසන ලෙසත්, ඊට අදාලව ඉහළම පියවර ගන්නා ලෙසත්  අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් ලබා දී ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT