Local

වෙඩි වැදීමෙන් මියගිය SI උපුල් වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක්

Wednesday, 03 January 2024 - 3:02 pm

මෙහෙයුමක් අතරතුර වෙඩි වැදී මියගිය උප පොලිස් පරීක්ෂක උපුල් චමින්ද කුමාර වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් රුපියල් මිලියන 2.5 ක මුදලක් ලබාදී ඇති අතර එම මුදල මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් උපුල් චමින්ද මහතාගේ පවුලේ සාමාජිකයින් වෙත ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

එසේම පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් උපුල් චමින්ද කළ සේවය අගය කරමින් ද රුපියල් මිලියන 1.75 ක මුදලක් ලබාදී ඇති අතර එම මුදල වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඔහුගේ පවුලේ අය වෙත ලබාදී තිබෙනවා.

මාතර වැලිගම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක් අතරතුර වෙඩිවැදී මියගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයන්වරයාව උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කළ බවයි පොලිස් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT