Local

සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 600ක්

Monday, 15 January 2024 - 9:31 pm

සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 600ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. එම ප්‍රතිපාදන මගින් ව්‍යාපෘති 9ක වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද එම අධිකාරිය සදහන් කරයි.

ගම්පහ, මිනුවන්ගොඩ, පානදුර, අලව්ව, හොරණ හා අවිස්සාවේල්ල යන පොදු වෙළදපොළ සංවර්ධනය කිරීම,වරකාපොළ හා මුලතිව් බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීම සහ නින්දවූර් වෙරළ උද්‍යානය ඉදිකිරීම එම ව්‍යාපෘති අතර වෙයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘති ක්‍රියාත්මකය. මෙම වසර අවසන් වනවිට අදාළ ව්‍යාපෘති නිම කිරීම සදහා කඩිනමින් සැලසුම් සකස් කරන ලෙස අමත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.

රට පුරා විසිරී ඇති අඩු පහසුකම් සහිත නගර හඳුනාගෙන ඒවායේ මූලික පහසුකම් වැඩි දියුණු කොට එම නගර ක්‍රමවත් ලෙස අලංකරණය කිරීමේ අරමුණින් සියක් නගර සංවර්ධන වැඩසටහන ආරම්භ කෙරිණ. ඒ 2021 වසරේදීය. මේ සදහා පළමුව කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නගර 100 ක් හදුනාගත්තද පසුව එය නගර 116 ක් දක්වා වැඩි විය. 2022 වසර අවසන් වන විට මෙම නගර 116 හි සංවර්ධන කටයුතු අවසන් කෙරුණි. ඒ සදහා වැය කෙරුණු මුළු මුදල රුපියල් මිලියන 1,620 කි.

සියක් නගර අලංකරණ වැඩසටහන යටතේ 2023 වසර සදහා සියලු පළාත් ආවරණය වන පරිදි ව්‍යාපෘති 156 ක් හදුනාගෙන ආරම්භ කරන ලදි. පොදු වෙළදපොළවල්, බස් නැවතුම්පොළවල්, රථගාල්, ඇවිදින මංතීරු, බහුකාර්යය ගොඩනැගිලි, නාගරික උද්‍යාන සහ නගර අලංකරණ ව්‍යාපෘති ඊට ඇතුළත් වේ. 2023 වසර අවසන් වන ඉන් ව්‍යාපෘති 133 ක් අවසන් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කරයි. ඉතිරි ව්‍යාපෘති 23 හි ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතී.

රටේ සියලුම නගර සංවර්ධනය කිරීමේ වගකීම පැවරී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියටයි. ඒ වෙනුවෙන් එම අධිකාරිය මේ වනවිට විශාල වැඩ කොටසක් සිදු කරමින් පවතී. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ නාගරික සංවර්ධනය මගින් රටතුළ සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කළ හැකි බවයි.

ඇමතිවරයා සදහන් කරන්නේ නගර අලංකරණය කිරීම හරහා සංචාරක ආකර්ෂණය වර්ධනය වනවා සේම නගර ආශ්‍රිතව ජීවත්වන ජනතාවගේ පිරිසිදුභව හා නිරෝගීකම වැඩිවන බවයි. එම නිසා නාගරික සංවර්ධන අධිකාරියට ලැබෙන ආදායම් කළමනාකරණය කරගනිමින් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසද නාගරික සංවර්ධන අධිකාරියට ඇමතිවරයා උපදෙස් දී තිබේ.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT