Local

ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණය අලුත් අවුරුදු සමයේ මධ්‍යම තැපැල් හුවමරුවට

Tuesday, 09 April 2024 - 10:32 pm

  • තැපෑල අප්‍රේල් 12 වනදාත් වැඩ – ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර.

අප්‍රේල් 12 වනදා රජයේ නිවාඩු දිනයක් වුවත් අලුත් අවුරුදු සමයට අදාළව මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණය ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම සඳහා සියලු තැපැල් සේවකයන් එදින රාජකාරියේ නිරතවීමට එකඟතාවය පළකර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පැවසීය.

පසුගිය සමයේ ඉන්ධන පෝලිම්වල සිටි ජනතාව මෙවර අලුත් අවුරුද්ද නිමිත්තෙන් රෙදිපිලි ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඒකරාශී වී සිටින අයුරු දැකගත හැකි බවත් එම වෙනස රට තුළ ඇතිවූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය විසින් දියත් කළ රට ගොඩ නැඟීමේ වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය නිසා බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය,

බෙදාහැරීම සඳහා ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් මෙම අලුත් අවුරුදු සමයේ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබෙනවා. විදෙස් රටවල සිටින පිරිස් විසින් මෙරට ඥාති හිතවතුන්ට විශාල භාණ්ඩ ප්‍රමාණයක් එවා තිබෙනවා. අලුත් අවුරුදු සමය නිසා එම භාණ්ඩ ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම අපට අභියෝගයක් වී තිබෙනවා. එම තත්ත්වය වළක්වා ගැනීමට අප්‍රේල් 12 වනදා රජයේ නිවාඩු දිනයක් වුවත් එදිනට සේවයට වාර්තා කිරීමට තැපැල්පතිවරයා සහ තැපැල් වෘත්තීය සමිති මෙන්ම සමස්ත සේවකයින් එකඟතාවය පළකර තිබෙනවා. එහි නිෂ්කාශණ කටයුතු සඳහා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සිය සහයෝගය ලබා දෙන බව දන්වා තිබෙනවා.

ඒ වගේම පසුගිය වසර කිහිපයේම සමස්ත ජනතාවම ගැටලු රාශියකට මුහුණ දුන්නා. ජනතාව ඉන්ධන පෝලිම්වල සිටියා. නමුත් මෙවර අලුත් අවුරුද්ද වන විට ජනතාව ඉන්ධන පෝලිම් වෙනුවට රෙදිපිළි ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඒකරාශී වී සිටින අයුරු දැකගත හැකියි. එම වෙනස රට තුළ ඇතිවූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය විසින් දියත් කළ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය නිසයි.

ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ රට අත්කරගත් ආර්ථික වර්ධනය නිසා එහි ප්‍රතිලාභය ජනතාවට භුක්ති විඳීමට හැකි වී තිබෙනවා.

එමෙන්ම අවුරුදු කෑම මේසයේ මිල දෙගුණයකින් වැඩි වී ඇති බවට ඇතැමුන් චෝදනා කරනවා. නමුත් 2022/2023 වර්ෂ සමඟ සංසන්දනය කර බැලුවහොත් ඔබට මේ කියන කතාවල යථාර්තය වැටහෙනු ඇතැයි මම විශ්වාස කරනවා. එම වසර දෙකට සාපේක්ෂව විශාල වශයෙන් අවුරුදු කෑම මේසයේ මිල අඩු කිරීමට මෙවර හැකි වී තිබෙනවා. ඒ නිසා මෙම රට ගොඩ නඟන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යාමට ඔබගේ සහයෝගය ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.

ඒ වගේම ද්‍රවශීලීතාවයෙන් තොරව චීනයෙන් ලැබී ඇති ඩොලර් බිලියන 1.5ත් සමඟ ඩොලර් බිලියන 4.9 දක්වා විදෙස් සංචිත වර්ධනය වී තිබෙනවා. එය මෙම වසර අවසානය වන විට ඩොලර් බිලියන 5 දක්වා වර්ධනය කර ගැනීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා.

අපට මැතිවරණ මානසිකත්වයක් නැහැ. අපට අවශ්‍ය දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළ තවත් මාස 04ක් හෝ 05ක් ඉදිරියට පවත්වාගෙන යාමටයි. නියමිත වෙලාවට මැතිවරණය කැඳවීම මැතිවරණ කොමිසමේ කාර්ය භාරයක්. මැතිවරණ කොමිසම මැතිවරණය කැඳවූ විට ඊට මුහුණ දීමට අප සූදානම්. මේ මොහොතේ අපගේ අවධානය යොමු වන්නේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බව පැවසිය යුතුයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT