Local

“වසත් සිරිය – 2024” අලුත් අවුරුදු උත්සවයේ තරග සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹේ

Thursday, 11 April 2024 - 9:28 am

  • රාජ්‍ය, විවෘත හා විදේශිකයන් වෙනුවෙන් තරග ඉසව් රැසක්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ සේවක සුබසාධක සංගමය සහ රජයේ අමාත්‍යාංශ එක්ව සංවිධානය කරනු ලබන “වසත් සිරිය 2024” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා පෙ.ව 7.00 සිට ප.ව 5.00 දක්වා අලුත් අවුරුදු ක්‍රීඩා හා තරග ඉසව් රැසක් සමගින් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ දී පැවැත්වේ.

“වසත් සිරිය – මියැසි ප්‍රසංගය” දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් එදින රාත්‍රී 7.00ට එම ස්ථානයේ දී ආරම්භ කෙරේ.

රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් 03ක් යටතේ තරග ඉසව් සංවිධානය කර තිබෙන අතර අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනයන්හි කාර්ය මණ්ඩලවල සාමාජික, සාමාජිකාවන්, පවුලේ හිතවතුන් සහ ළමුන් වෙනුවෙන් කාන්තා සහ පිරිමි තරග ඉසව් 17ක් පැවැත්වේ.

ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට සහභාගිවිය හැකි විවෘත අංශයක් ද පැවැත්වෙන අතර ඊට තරග ඉසව් 16ක් ඇතුළත්ය. “පුර සැරිය” ස්ටෑන්ඩඩ් බයිසිකල් තරගය, මැරතන් ධාවන තරගය, ලිස්සන ගහ, කඹ ඇඳීම, කොට්ටාපොර ගැසීම, ඉටිපන්දම් දැල්වීම, බැලුම් පිපිරවීම, අලියාට ඇස තැබීම, ටොෆි ඇහිදීම, හොඳම හිනාව අවුරුදු කුමරා සහ කුමරිය ඇතුළුව ලොකු කුඩා සැමට සහභාගිවිය හැකි තරග ඉසව් ඊට ඇතුළත් වේ.

එමෙන්ම විදේශකයින්, තානාපති කාර්යාල, විදේශ ආයතන සහ අවට හෝටල්වල සිටින පිරිස් වෙනුවෙන් ආගන්තුක අංශයක් ද පැවැත්වෙන අතර අලියාට ඇස තැබීම, වාසනා මුට්ටිය බිදීම, ඉදිකටුවට නූල දැමීම, දෑස් ආවරණය කර කිරි කැවීම, බැලුම් පිපිරවීම, දෙහිගෙඩිය හැන්ද මත තබාගෙන දිවීම, සංගීත පුටු තරගය, සංගීත තොප්පි තරගය, සූප්පුවෙන් බීම බීම, බනිස් කෑම වැනි විදෙස් සංචාරකයන්ට විනෝද විය හැකි තරග ඉසව් 10කින් එය සමන්විතය.

“වසත් සිරිය 2024” අවුරුදු කුමරා – කුමරිය, මැරතන් ධාවන තරගය, ස්ටෑන්ඩර්ඩ් පාපැදි සවාරිය සහ කඹ ඇදීම වෙනුවෙන් අයදුම්පත් කැඳවීම දැන් සිදු වන අතර එම අයදුම්පත් www.pmd.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

“වසත් සිරිය” අවුරුදු කුමරා/ කුමරිය (විවෘත) තරගය සඳහා මාස 03ක් ඇතුළතදී ගත් වර්ණ ඡායාරූපයක් සමඟ අයදුම් කළ යුතු වේ. සියලු අයදුම්කරුවන් වයස අවුරුදු 18-30 අතර අවිවාහක අය විය යුතුය. සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය 077-1557146 WhatsApp අංකය වෙත 2024.04.20 දින ප.ව 3.00ට පෙර ලැබීමට සැලැස්විය යුතුය.

පළමු, දෙවන සහ තෙවන ස්ථාන සඳහා මුදල් ත්‍යාග ඇතුළු වටිනා ත්‍යාග පිරිනැමෙන අතර 04 වන ස්ථානයේ සිට 12 වන ස්ථාන සඳහා සැනසිලි ත්‍යාග සහ සහතික පත් පිරිනැමේ. තරග කොන්දේසි සම්බන්ධ අවසාන තීරණය සංවිධාන කමිටුව සතු වන අතර වැඩි විස්තර ක්‍රිසන්ති විතාරණ මහත්මිය (සම්බන්ධීකාරක)-දු.ක 0718412300 ඇමතීමෙන් ලබාගත හැකිය.

එමෙන්ම “වසත් සිරිය” මැරතන් ධාවන තරගය සඳහා වයස අවුරුදු 16ට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අවස්ථාව හිමි වේ. ඒ සඳහා www.pmd.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගන්නා අයදුම්පත පුරවා රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු මඟින්, තරග කිරීමට සුදුසු යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවට සහතික කර ගැනීමෙන් අනතුරුව “ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා වෛද්‍ය අංශය, යුද්ධ හමුදා ක්‍රීඩා සංවර්ධන ගම්මානය, යුද්ධ හමුදා ජනපදය, පනාගොඩ, හෝමාගම” යන ලිපිනයට ලියුම් කවරයේ වම්පස ඉහළ කෙලවරේ “වසත් සිරිය විවෘත මැරතන් ධාවනය තරගය 2024” යනුවෙන් සඳහන් කර යොමු කළ යුතුය.

එසේ නොමැතිනම් ජනාධිපති කාර්යාලයේ ආරක්ෂක අංශය වෙත ගෙනවිත් භාරදීම හෝ සම්පූර්ණ කරන ලද අයදුම්පතේ පැහැදිලි ඡායාරූපයක් 0710573828 යන දුරකථන අංකයට WhatsApp මඟින් යොමු කළ හැකියි.

2024 අප්‍රේල් 26 දින පෙ.ව 10.00න් පසු යොමු කෙරෙන අයදුම්පත් පිළිගනු නොලැබේ.

මැරතන් තරගයේ (පිරිමි) පළමුවන ස්ථානය සඳහා රුපියල් 75,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද පිරිනැමෙන අතර සිව්වන ස්ථානයට රුපියල් 20,000ක් සහ පස්වන ස්ථානයට රුපියල් 15,000ක් ද, හයවන ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා රුපියල් 10,000 බැගින්ද, එකළොස්වන ස්ථානයේ සිට පහළොස්වන ස්ථානය දක්වා රුපියල් 5,000 බැගින් ද පිරිනැමේ.

කාන්තා මැරතන් තරගයේ පළමු ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 15,000ක්ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 10,000ක්ද , හය සහ හත්වන ස්ථාන සඳහා රුපියල් 7,500ක් බැගින් ද පිරිනැමෙන අතර අටවන ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා රුපියල් 5,000 බැගින් පිරිනැමේ.
එමෙන්ම “වසත් සිරිය” ස්ටෑන්ඩර්ඩ් පාපැදි සවාරිය (පිරිමි/ කාන්තා) දිවයිනටම විවෘතය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය එක්ව එය සංවිධානය කරයි.

පිරිමි අංශයේ ස්ටෑන්ඩර්ඩ් පාපැදි සවාරිය ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී මීගමුව පාර ඔස්සේ, ජා-ඇළ, කටුනායක, මිනුවන්ගොඩ, වේයන්ගොඩ, නිට්ටඹුව, නුවර පාර, කඩවත, පෑලියගොඩ, හරහා නැවත ගාලු මුවදොර පිටියෙන් අවසන් වෙයි.

එහි කාන්තා අංශයේ තරගය ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී ගාලු පාර ඔස්සේ පාමංකඩ, පිළියන්දල, කැස්බෑව, කොට්ටාව, මහරගම, නුගේගොඩ, තුම්මුල්ල හන්දිය, පිත්තල හන්දිය, ලේක්හවුස් ඔස්සේ නැවත ගාලු මුවදොර පිටියෙන් අවසන් වෙයි.

1974 වසරේ හා ඉන් පසුව සහ 2005 වසරේ හා ඉන් පෙර වසරවල උපත ලැබූ ශ්‍රී ලාංකික පිරිමි සහ කාන්තා පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ සඳහා සහභාගී විය හැකිය.

මෙම තරගය සඳහා ගැනෙන ස්ටෑන්ඩර්ඩ් පාපැදි ඉදිරිපස සහ පසුපස දැති 48 සහ 18, හැඬලයේ රෙස්ට් බාර්/ හැක් බාර් සමඟ තරග කිරීම තහනම් බව සංවිධායක මණ්ඩලය දන්වා සිටියි.

මේ සඳහා සහභාගි වීමට අපේක්ෂා කරන තරගකරුවන් අදාළ අයදුම්පත සම්පූර්ණ කර රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලවා තරග කිරීමට හැකි යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවට සහතික කොට සංවිධායක මණ්ඩලය වෙත “වසත් සිරිය 2024 පාපැදි තරගය, ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර, කොළඹ” ලිපිනය ඔස්සේ යොමු කළ යුතුය.

එසේ නොමැති නම් ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ කොළඹ ප්‍රධාන ආරක්ෂක මැදිරියට භාර දිය හැක. නැතිනම් සම්පූර්ණ කළ අයදුම්පත Scan කර pdf Document ආකාරයට සකස් කර 070-3166384 යන දුරකථන අංකයට WhatsApp මඟින් යොමු කළ හැකිය.

2024 අප්‍රියෙල් 25 දින මධ්‍යහන 12.00 ට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙන අතර පිළිගන්නා ලද අයදුම් පත් පිළිබඳ WhatsAPP පණිවිඩයක් ඔස්සේ අයදුම්කරුවන් වෙත දැනුම් දෙනු ලැබේ. මෙම අයදුම් කිරීම හා ලියාපදිංචිය සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.

ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරගය (පිරිමි) පළමු ස්ථානය සඳහා රුපියල් 100,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 75,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 50,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 35,000ක් ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, 6 සිට 10 ස්ථාන දක්වා රුපියල් 10,000 බැගින් ද, 11 සිට 20 ස්ථාන දක්වා රුපියල් 6,000 බැගින් ද ත්‍යාග පිරිනැමේ.

කාන්තා තරගයේ පළමු ස්ථානය සඳහා රුපියල් 60,000ක් ද, දෙවන ස්ථානය සඳහා රුපියල් 40,000ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 30,000ක් ද, සිව්වන ස්ථානය සඳහා රුපියල් 20,000ක් ද, පස්වන ස්ථානය සඳහා රුපියල් 15,000ක් ද, 6 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා රුපියල් 10,000 බැගින් පිරිනමනු ලබයි.

“වසත් සිරිය” කඹ ඇදීමේ තරගය සඳහා තරගවදින සියලුම පිරිමි හා කාන්තා කණ්ඩායම්වල නාමලේඛනය දින තුනකට පෙර සංවිධායක මණ්ඩලය වෙත ලබාදීමට කටයුතු කළ යුතුය.

එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 08 දෙනෙකුට ක්‍රීඩා කළ හැකි අතර, අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු සමඟ සම්පූර්ණ ක්‍රීඩකයන් ගණන 10 කි.

අතීත ගැමි සමාජයේ ගම සහ ගැමි ගෙදර අතර පැවති සුන්දර සැබැඳියාව විදාහ දක්වමින් ගැමි ගෙදරක් සහිත පරිසරයක ආකෘතියක් මෙහිදී ප්‍රතිනිර්මාණය කෙරේ.

තවද දුෂ්කර කාල පරිච්ඡේදයකට පසුව යළි ගොඩනැගෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ අභිමානවත් ඉදිරි මග ඇතුළුව මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය ඉලක්ක කරගත් ලාංකීය සංස්කෘතිය මෙන්ම අතීත උරුමය ලොව හමුවෙ විදාහ දැක්වෙන අංග රැසකින් ද “වසත් සිරිය 2024” අලුත් අවුරුදු උත්සවය විචිත්‍රවත් කෙරේ.


Top Stories
wedivistara

ඩයනා ගියාට සජබට මන්ත්‍රී ධුර අහිමි වන්නේ නෑ

wedivistara

සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය හතර අතේ බෙදපු ගුරුවරයා හා ගුරුවරිය මාට්ටු

wedivistara

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ඉදිරි වසරේ දී අපේක්ෂිත 3%ක ආර්ථික වර්ධනයත් සමඟ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ද කටයුතු කරනවා

wedivistara

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු ලබන වසරේදී ආරම්භ කරනවා

Trending
wedivistara

WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

wedivistara

අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ළඟ­දීම මෙර­ටට

wedivistara

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

wedivistara

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ආරම්භ වෙයි

wedivistara

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

wedivistara

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු හා ජාතික ජන බලවේගය අතර හමුවක්


NEWS ALERT