Local

වගා හානි වන්දි ගෙවීම ආරම්භ කෙරේ

Tuesday, 11 February 2025 - 5:18 pm

පසුගිය වසරේ නොවැම්බර් මස 26 දින සිට ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත්වූ වගාවන් පරීක්ෂා කර වන්දි ලබාදීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් 6,239 වෙනුවෙන් රුපියල් මිලියන 114ක මුදලක් නිදහස් කර ඇති බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ.

එසේම වවුනියා, මුලතිව්, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් මණ්ඩලය වෙත ලැබුණු නිර්දේශිත වගා හානි අයදුම්පත්වලට අදාළ මුදල් ඔවුන්ගේ ගිණුම් වෙත බැර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් වී, අමු මිරිස් හා අර්තාපල් යන වගාවන්ට සිදු වූ හානියට අදාළ වන්දි මුදල් තක්සේරු කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT