Local

භාණ්ඩාගාරයේ තිබූ මුදල් හොරකං කරලා..

Friday, 25 October 2024 - 7:43 pm

නුගත් තක්කඩින්, මැරයින් සහ ඩීල් කාරයින්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරිමට ඉඩ ලබා නොදෙන බව ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ අපෙක්ෂක මංජුල සුරවිරආරච්චි මහතා පැවසිය.

මංජුල සුරවිරආරච්චි මහතා ඒ බැව් කියා සිටියේ බගවන්තලාව සහ නොර්වුඩ් යන ප්‍රදේශවල පැවති මැතිවරණ රැස්විම්වලට සහභාගි වෙමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මංජුල සුරවිරආරච්චි මහතා කියා සිටියේ මේ රටේ ජනතාව භාණ්ඩාගාරය වෙත ලබාදි තිබු බදු මුදල් විධායකයට මුවාවි හිටපු පාලකයින් විසින් සොරකම් කර ඇති බවයි.

මින් ඉදිරියට රටේ ජනතාව ගෙවන බදු මුදල් කිසිවෙකුට සොරාගැනිමට ජාතික ජන බලවේගයේ කිසිවෙක් ඉඩ ලබා නොදෙන බවයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගය අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවද මංජුල සුරවිරආරච්චි මහතා වැඩිදුරටත් පැවසිය.

මෙම රැස්විම්වලට එම පක්ෂයේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ අපෙක්ෂකයන් වන ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය, රවින්ද්‍ර සේනාරත්න, ඩැනියෙල් ජෙනාස්ටර් යන මහතුන්ද සහභාගි විය.


Top Stories
wedivistara

රන් මිල පහළට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

කෙහෙළියගේ දියණිය බන්ධනාගාර භාරයෙන් මුදා හැරේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

හදිසි පරික්ෂාවකින් පසු, ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

Trending
wedivistara

ඊශ්‍රායලයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විමසීම ගැන දැනුම්දීමක්

wedivistara

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව අද දිවයිනට

wedivistara

තමිල්නාඩු - කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී

wedivistara

ප්‍රංශ තානාපති ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

wedivistara

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉක්මනින් සාමය ඇති කරගනු ඇති බව අමරිකානු ජනාධිපති ට්‍රම්ප් කියයි

wedivistara

ඉරාන ඇමරිකා හෙට සාකච්ඡාව ගැන තවමත් අවසන් තීරණයක් නැහැ


NEWS ALERT