Local

ඉහලම නිලධාරියෙක් වාහන පහක් ගනී.. මුණුපුරන්ටත් බෙදයි..

Thursday, 03 October 2024 - 1:17 pm

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරියකු මේ වන විට සිය අමාත්‍යාංශය සතු වාහන සංචිතයේ ඇති සුපිරි ජීප් රථ දෙකක් ඇතුළු වාහන පහක් පරිහරණය කරන බව ආරංචිමාර්ග පවසයි.

මෙම වාහන එම නිලධාරියාගේ පවුලේ දරු මුනුපුරන්ගේ කටයුතු වලටද මේ වන විට යොදා ගන්නා බව වාර්තා වේ.

මේ වන විට රජයේ වාහන විශාල ප්‍රමාණයක් අයථා ලෙස පරිහරණය කරන බවට පසුගියදා විගණකාධිපතිවරයාද පවසා තිබූ අතර ඔහු සිය විමර්ශන කරුණු මත පවසා තිබුණේ වැඩිම වාහන ප්‍රමාණයක් අතුරුදන්ව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බවයි.

ආරංචිමාර්ග තවදුරටත් පැවැසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සංස්ථාවක ඉහළ නිලධානීයකට ලබාදී ඇති එක් වාහනයක් මේ වන විට රාජ්‍ය බැංකුවක රැකියාව කරන සිය පුතු විසින් පරිහරණය කරන බවටද වාර්තා වී ඇති බවය.

මෙම වාහන භාවිතය පිළිබඳව ඉදිරි දිනවලදී විමර්ශනයකට ලක්වනු ඇති බව එම ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT