Local

'රාජ්‍ය නිලධාරින් බහුතරය ත්‍රස්තවාදීන් වගේ' - රවී

Friday, 26 January 2024 - 5:09 pm

රටේ ජනාධිපතිවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය ගන්නා තීන්දු තීරණ රාජ්‍ය නිලධාරි විසින් ක්‍රියාතමක නොකර
රට අර්බුදයකට තල්ලු කර ජනතාව අපහසුතාවයට සහ අසහනයට පත් කිරීමෙන් පැහැදිලි වන්නේ ඔවුන්ගේ ත්‍රස්තවාදය බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායකයා චෝදනා කර තිබේ.
රාජ්‍ය නිලධාරින් බහුතරය වැටුපි, දිමනා සහ පහසුකම් ලබාගෙන වැඩ නොකරන බව හිටපු මුදල් අමාත්‍යවරයා කොළඹ දී මාධ්‍ය වෙත කියා සිටියේය.
'මේ රටේ රාජ්‍ය නිලධාරීන් ලක්ෂ 17ක් සිටිනවා. ඒ තරම් විශාල රාජ්‍ය සේවයක් රටකට අවශ්‍ය ද..? මේ රටේ සියලු දෙනාට විශාල බදු මුදලක් ගෙවීමට සිදුව තිබෙන්නේ මේ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප්, දීමනා, වරප්‍රසාද සහ පහසුකම් වෙනුවෙනුයි. රාජ්‍ය සේවයේ යම් පිරිසක් අනිවාර්යෙන්ම වැඩ කරනවා. ඇත්ත..! එහෙත් බහුතරයක් ඒ වැටුප්, දීමනා, වරප්‍රසාද සහ පහසුකම් ලබා ගෙන වැඩක් නොකර පාඩුවේ සිටිනවා.”
බුද්ධි ගලනය වැළැක්වීමට වෛද්‍යවරුන්ගේ සහ විශ්ව විද්‍යාල ප්‍රජාවගේ වැටුප් සහ දීමනා වැඩි කිරීමට ජනාපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ගත් තීන්දු ක්‍රියාත්මක නොකර රාජ්‍ය නිලධාරින් කකුලෙන් අඳිමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
“රජයේ නිලධාරීන්ට වගකීමක් තිබෙනවා. නමුත් ඔවුන් එම වගකීම් ඉටු කරනවා ද..? උදාහරණයක් ලෙස බුද්ධි ගලනය නතර කිරීම සඳහා වෛද්‍යවරුන්ගේ සහ විශ්ව විද්‍යාල ප්‍රජාවගේ වැටුප් සහ දීමනා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන කැබිනට් මණ්ඩලය ඉතාම දූරදර්ශී තීන්දුවක් ගත්තා. නමුත් රජයේ නිලධාරීන් එම තීරණය ක්‍රියාත්මක නොකර කකුලෙන් අදිමින් සිටිනවා. මේ කිනම් කූට ක්‍රියාවක් ද..?”
රටේ ජනාධිපතිවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය ගන්නා තීන්දු ක්‍රියාත්මක නොකර සිටිමට රාජ්‍ය නිලධාරින් හැකි දැයි ප්‍රශ්න කරන හිටපු අමාත්‍යවරයා ඉන් පැහැදිලි වන්නේ ඔවුන් ත්‍රස්තවාදය බව පෙන්වා දුන්නේය.
“ඇත්ත වශයෙන්ම රජයේ නිලධාරීන්ගේ මේ අත්තනෝමතික ක්‍රියාකලාපය රට හා ජනතාව හමුවේ හෙළිදරව් කළ යුතුයි. රටේ ජනාධිපතිවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තාම ඊට ඊට එරෙහිව හෝ ඊට ඉහළින් හෝ එම තීන්දුව නොතකා හෝ ක්‍රියා කිරීමට රජයේ නිලධාරීන්ට හැකිද..? මේ තත්ත්වයෙන් පැහැදිලි වන්නේ රජයේ නිලධාරීන්ගේ ත්‍රස්තවාදයයි.' හිටපු අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT