Local

2025 දී නව රැකියා ලක්ෂයක්

Friday, 30 August 2024 - 6:25 am

2025 වසර තුළ නව රැකියා අවස්ථා 100,000ක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ, “පස්වසරක මෙහෙයුම: පුළුවන් ශ්‍රී ලංකා“ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේ බව දැක්වෙන අතර එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

අපේ ආර්ථික පිළිවෙත නිසා අනාගතයේ දේශීය හා විදේශීය ආයෝජන හමුවේ වැඩි වැඩියෙන් නව ව්‍යවසාය බිහි වී රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් නිර්මාණය වනවා. ඒ තත්ත්වය උදාවීමට වසරක දෙකක කාලයක් ගත වන බැවින්, ආරම්භයක් හැටියට 2025 වසර තුළ රැකියා 100,000 ක් ලබා දෙන්නේ මෙන්න මෙහෙමයි.

  • විදේශ රාජ්‍යයන් මගින් සහය ලබා දෙන සංවර්ධන ව්‍යාපෘති පසුගිය කාලයේ අත්හිටුවා තිබුණා. අපේ බංකොලොත්භාවය නැතිව ගොස් ඇති නිසා, ඒ ව්‍යාපෘති දැන් යළිත් ආරම්භ වෙනවා. මේ බොහොමයක් ව්‍යාපෘති ඉදිකිරීමේ කර්මාන්තය හා බැඳුණු ඒවායි. ව්‍යාපෘති ආරම්භයත් සමඟ නව රැකියා අවස්ථාවන් ගණනාවක් නිර්මාණය වෙනවා.
  • සාමාන්‍ය පෙළ සහ උසස් පෙළින් ඔබ්බට අධ්‍යාපනය ලබන්න අවසර නොලැබෙන තරුණ තරුණියන් වෙනුවෙන් සංචාරක, නිෂ්පාදන කර්මාන්ත ආදී පුද්ගලික අංශය හා එක්ව නව වැඩපිළිවෙළක් 2025 වසරේ ආරම්භ කරනවා. මේ තරුණ තරුණියන්ට ඒ ආයතනවල වෘත්තීය පුහුණව ලබාදෙන අතර පුරා වසරක් තිස්සේ ඔවුන්ට රජයෙන් රුපියල් 35,000 ක දීමනාවක් දෙනවා. පුද්ගලික සමාගම්වල කැමැත්ත පරිදි ඔවුන්ට තවත් මුදලක් මීට එක් කරන්නත් අවකාශ තියෙනවා. පුහුණුවෙන් පසු ඔවුන්ට ඒ ඒ සමාගම්වලම රැකියා අවස්ථා හිමි කරදෙනවා.
  • සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත ලබා දෙන සහන ණය හේතුවෙන් රට පුරා නව රැකියා අවස්ථා බිහිවෙමින් පවතිනවා. විරැකියාවෙන් පෙළෙන අයට රැකියා ලබා ගැනීමට එයත් කදිම අවස්ථාවක්.
  • කෘෂි නවීකරණය නිසා 2025 සිට 2027 කාලය පුරා නව රැකියා අවස්ථාවන් විශාල වශයෙන් බිහිවෙනවා.
  • මීට අමතරව රජයේ සේවයේ විශ්‍රාම ගැනීමෙන් ඇති වන පුරප්පාඩුවලින් තවත් රැකියා අවස්ථා ඇති වෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT