Local

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට පියවර

Tuesday, 12 November 2024 - 2:28 pm

පොතුහැර සිට රඹුක්කන දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටසේ ඉදිකිරීම්  කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මධ්‍යම අධිවේගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා මාර්ගයේ ඉදිකිරීම් පිළිබඳව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

මධ්‍යම අධිවේගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා කොටස මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) අධීක්ෂණය යටතේ දේශීය කොන්ත්‍රාත් සමාගම් කිහිපයක් යටතේ ඉදිකිරීම් සිදුවෙමින් පවතිනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ දේශීය කොන්ත්‍රාත් සමාගම් මඟින් සිදුවන පළවෙනි අධිවේගී මාර්ග කොටස ද මෙය වන බැවින් එම කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවුවහොත් රටට විශාල ප්‍රතිලාභයක් ලබා ගැනීමට හැකිවන බවත්, අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම, දැනට නතර කර ඇති කඩවත සහ මීරිගම දක්වා වන අධිවේගී මාර්ග කොටසේ ඉදිකිරීම් ද අවසන් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසුවා.

ඒ අනුව, කෙටිකාලයක් තුළ මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු කඩිනමින් අවසන් කිරීමට රජය උපරිමයෙන් මැදිහත් වන බවත්, එමඟින් රටේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් ව ඉදිරියට ගෙනයාම සඳහා අධිවේගී මාර්ග ව්‍යාපෘතිය වේගවත් කිරීමට ඉලක්ක ගත වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බවත් ඔහු එහිදී කියා සිටියා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT