Local

අයහපත් කාලගුණයත් සමඟ ළමුන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වෙයි

Thursday, 23 November 2023 - 12:48 pm

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ළමුන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඒ අනුව කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, වෛරස් උණ හා ඊට අමතරව ළමා හතිය, පාචනය සහ ඩෙංගු උණ ව්‍යාප්ත වී ඇති බවත්, මීට අමතරව අත්පා මුඛ රෝගද ව්‍යාප්ත වෙමින් ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ හේතුවෙන් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ ඇති දරුවන් මෙන්ම කට වටා සහ අත්වල රතු ලප ඇති වුවහොත් එම දරුවන්ට අත්පා මුඛ රෝගය වැළඳි තිබීමට හැකි නිසා එම දරුවන් නිවෙස්වල තබා ගන්නා ලෙසයි විශේෂඥ වෛද්‍යවරයා ඉල්ලා සිටින්නේ.

එසේම පාචනය අවම කර ගැනීම සඳහා පිරිසිදු ජලය, පිරිසිදු ආහාර දරුවන්ට ලබාදෙන ලෙසත් අත් හොඳින් පිරිසිදු කරගත යුතු බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT