Local

ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරියක්..

Thursday, 19 September 2024 - 9:27 am

ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාවේදී ආපදා වලින් සිදුවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා අද (19) සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් උදය හේරත් මහතා පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාව සමඟ එක්ව එම වැඩපිළිවෙළ සකස් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව ,ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ,ත්‍රිවිධ හමුදාව ,පොලීසිය ඇතුළු අනෙකුත් ආයතන සම්බන්ධීකරණයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ මැතිවරණ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකය හරහා එම විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.

යම් ආපදා තත්වයක් හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් වන්නේනම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ශනික දුරකථන අංක 117 ඇමැතිය හැකිය.

එසේ නොවේනම් විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරියේ 0113668032,0113668087 හෝ 0113668025 අංක ඇමැතිය හැකිය.

මෙම විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරිය ලබන ඉරිදා (22) දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT