Local

බන්ධනාගාරගත රැඳවියන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීමට හැකි ලෙස අපරාධ නඩු විධා​න සංග්‍රහයට සංශෝධනයක් ගෙන එනවා - අධිකරණ ඇමති

Thursday, 20 February 2025 - 1:11 pm

බන්ධනාගාරගත රැඳවියන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීමට හැකි පරිදි අපරාධ නඩු විධා​න සංග්‍රහයට සංශෝධනයක් ගෙන එන බව අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

ඒ අනුව එමඟින් බන්ධනාගාරගත රැඳවියන් ප්‍රවාහනය කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බවත්, ඔවුන්ට බන්ධනාගාරයේ සිටියදීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදිය හැකි බවයි අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

අදාළ සංශෝධනය මේ වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවද, මාර්තු මාසයේ හෝ අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ හරහා විදෙස් රටවල සිටින පිරිස් වෙතින්ද සාක්ෂි ලබා ගැනීමට හැකි බවයි අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT