Local

මාලිමාවේ අලුත් මන්ත්‍රීවරු ඊලඟ අවුරුදු හතරේ ලොවෙත් නැතිවෙන්න වැඩ කරනවා - බිමල් රත්නායක

Thursday, 08 May 2025 - 2:11 pm

ප්‍රාදේශීය සභා 226 ක බලය අල්ලා සිටි පොදුජන පෙරමුණ වැනි පක්ෂයක් දැන් අන්තිම පහළට වැටී ඇති බවත්, සජබ සෝදාගෙන ගොස් ඇති බවත් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

තම පක්ෂයෙන් ඉදිරිපත් කළේ ඉතාමත් නවක මන්ත්‍රීවරුන් බව සෑබෑ නමුත්, මේ ලැබුණු අවුරුදු හතර තුළ 'ලොවෙත් නැති විදියට' ඔවුන් වැඩ කටයුතු කරන බවත්, ජාතික ජන බලවේගයට ලැබුණු පළාත් පාලන ආයතන කරගෙන යන විට, සෙසු පක්ෂවලට ලැබී ඇති දෙය පවා ඉදිරියේදී නැතිවී යනු ඇති බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

කොළඹ නගර සභාව තුළ එජාපය හා සජබය පරදින බව ඔවුන් දැන සිටි බව ද, පෙර වාරයේදී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් පවා ඉල්ලා අස්වී තරග කිරීමට පැමිණි නමුත්, මෙවර සජබ අපේක්ෂකයා ඔවුන් පවා නොදන්නා බවද ඇමතිවරයා කියා සිටියා.

මෙවර ඉතිහාසයේ පළමු වතාවට එජාප හෝ සජබ විසින් කිසිදු මහ නගර සභාවක් ජයග්‍රහණය කර නොමැති බවත්, රාජපක්ෂ බලකොටු වූ තංගල්ල හා වීරකැටිය පවා ඔවුන්ට අහිමි වී ඇති බවත්, ඔවුන් දේශපාලනිකව අවසන් වන බවයි අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් පවසා සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT