විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ යෝජනා අද (12) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත භාර දෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
මේ වනවිට විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ධාරිතාව 96% ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ජල විදුලි උත්පාදනය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබාදීමට පියවර ගන්නා බවත් එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත සඳහන් කළා.