Local

ස්විට්ස­ර්ල­න්තයේ ආර්ථික සමු­ළු­වට ජන­පති අද පිටත් වෙයි

Saturday, 13 January 2024 - 5:28 am

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී සඳුදා (15) ආරම්භ වන 54 වැනි ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පිටත්ව යයි.

ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ ජනාධිපතිවරයා සමුළුවට සහභාගි වන ලෝක නායකයන් සහ ජාත්‍යන්තර ආයෝජකයන්ද හමු වීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ඒ ආයෝජකයන් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට නියමිතය.

රට බංකොලොත් බව ප්‍රකාශ කිරීම නිසා පසුගිය වසරේ ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීමට ශ්‍රී ලංකාවට නොහැකි විය. ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන 19 වැනි නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගි වීමට ලබන 18 වැනිදා ඩාවෝස් නුවර සිට උගන්ඩාව බලා පිටත් වී යනු ඇත. ජනාධිපතිවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ලබන 24 වැනිදාය.

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT