Local

ආදරවන්තයින්ගේ දිනයට පොලීසියෙන් විශේෂ පණිවිඩයක්

Thursday, 13 February 2025 - 1:05 pm

හෙටට (14) ට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් පොලීසියෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

වර්තමානය වන විට ආදරවන්තයින්ගේ දිනය හුදෙක් ආදරය ස්මරණය කරන දිනයක් පමණක් නොව බොහෝ සමාජ විරෝධී ක්‍රියාවන් සිදුවන දිනයක් ලෙස වාර්තා වී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

බොහෝ අපරාධකරුවන් මෙන්ම නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙම දිනය උගුලක් කර ගනිමින් තරුණ ජීවිත බිලි ගැනීමට සූදානමින් සිටින බවත් මෙවැනි නීතිවිරෝධී ක්‍රියා වලට තම දරුවන්, විශේෂයෙන් බාලවයස්කාර දරුවන් යොමු වීම වැළැක්වීම වෙනුවෙ​න් දෙමව්පියන්ගේ නිරන්තර අවධානය ඉතා වැදගත් බවයි ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරන්නේ.

ආදරය ලෙස සමාජග​ත කළ යුතුවන්නේ කරුණාව, ගෞරවය, ඉවසීම, පරිත්‍යාගශීලී බව වැනි මානව හිතවාදී ගුණාංගයන් මිස රැල්ලට යනු ලබ​න, තමන්ටත් සමාජයටත් අහිතකර වන ක්‍රියාවන් නොවන බවයි ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුරටත් සිය පණිවිඩය මඟින් ප්‍රකාශ කර තිබෙන්නේ.

අදාළ සම්පූර්ණ පණිවිඩය සඳහා මෙතැනින් පිවිසෙන්න.

news images
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT