Local

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ලාභ ලබයි

Tuesday, 23 January 2024 - 1:47 pm

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව තමන් අධ්‍යාපන අමාත්‍යවරයා වී වසර එකහමාරක් වැනි ඉතා කෙටි කලක් තුළ රුපියල් මිලියන දෙදහසක ලාභයක් උපයන ලාභදායී මට්ටමට වර්ධනය කිරීමට හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එම ආයතනය සේවක ප්‍රසාද දීමනා ගෙවමින් කාරක ප්‍රාග්ධනය තමන් විසින් ම ගොඩනගාගන්නා මට්ටමට වර්තමානයේ වර්ධනය වී ඇති බවත් ඔහු මෙහි දී සඳහන් කළේ ය.

පාඩු ලබන ආයතනයක් ලෙස හඳුනා ගනිමින් ප්‍රතිව්‍යුහගත කිරීමේ ලේඛනයට ඇතුළත් කර තිබූ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ඉතා කෙටි කාලයක් තුළ ලාභ ලබන තත්වයට පත් කිරීමට හැකිවීම සතුටට කරුණක් බවත් ඉහළ කළමනාකාරීත්වයේ යම් යම් වෙනස්කම් කිහිපයක් සිදු කරමින් වගකීම් නිසියාකාරව පැවරීම තුළින් ඉතා පහසුවෙන් මේ තත්වය අත්පත් කරගත හැකි වූ බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසී ය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ පසුගියදා පැවැති උත්සව අවස්ථාවකට එක් වෙමිනි.

වෙනත් අමාත්‍යාංශ යටතේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ සියලු‍ ආයතන අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ඒකාබද්ධ කර පවරා ගැනීම රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ මෙම සාර්ථකත්වයට ප්‍රධාන රුකුලක් වූ බව මෙහි දී පැවසූ අමාත්‍යවරයා එමගින් පාසල් පෙළ පොත් මුද්‍රණය කර නිසි කලට දරුවන් අතට පත් කීරීමේ ගැටලු‍ නිරාකරණය කරගැනීමටත් ඒවා මුද්‍රණයට භාර දී අවශ්‍ය සහයෝගය ලබා දීමට මැදිහත් වීම තුළ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මෙවැනි සාධනීය මට්ටමක් දක්වා වර්ධනය කිරීමටත් හැකි වූ බව ද ප්‍රකාශ කළේ ය.

ඒ අනුව මේ ප්‍රවණාතව තව දුරටත් වර්ධනය කරමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව නව තරගකාරී ආයෝජන වෙත ප්‍රවිෂ්ට විය යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

ආයතනය කෙටි කලක් තුළ මෙම සාධනීය මට්ටම දක්වා වර්ධනය කිරීමට වගකීම් උසුලමින් දායක වූ ප්‍රසාදලාභී සේවක මඬුල්ල ඇගයීමට ලක් කිරීම ද මෙහි දී සිදු විය.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT