Local

පස් දෙනෙක් රෝහල ට යැවූ වෑන් - කාර් අනතුර

Sunday, 11 August 2024 - 5:47 pm

මෝටර් රථයක් හා වෑන් රථයක් මාරවිල දී එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් කුඩා දරුවෙක් සහ කාන්තාවක් ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

අද (11) අලුයම 2.45ට පමණ එම අනතුර සිදුව තිබුණේ මාරවිල ශ්‍රී කුරුස දේවස්ථානයට ගමන් ගන්නා මාර්ගයේදීය.

අතුරු මාර්ගයක සිට ඉතා වේගයෙන් පැමිණ මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව වෑන් රථයේ ගැටී එම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

අනතුරින් හලාවත, පම්බල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ ඥාතීන් පිරිසක් තුවාල ලබා තිබුණි.

ඔවුන් මඩු දේවස්ථානයට පිටත්ව යාමට පෙර මාරවිල ශ්‍රී කුරුස දේවස්ථානයට පැමිණ අවස්ථාවේදී එම අනතුරට මුහුණ දී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු අධික ලෙස බීමතින් සිට ඇති බව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT