Local

පොල් පෝලිම්වලට වගකියන්න ඔ්න අප නොවේ.. මහින්දයි.. රනිලුයි..

Friday, 01 November 2024 - 6:30 pm

රට තුළ පොල් පෝලිම් ඇතිවීමට වගකිව යුත්තේ රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

”දැන් කියනවා අපි ඇවිල්ල පොල් පෝලිම් ඇති කරල කියල. ලෝකයේ කොහෙවත් තියෙනවද පොල් පැළේ හිටවල මාසෙකින් පොල් ගෙඩි කඩන
රටක් අනුර කුමාර දිසානායක ඇවිල්ලා මාසෙන් ගෙඩි හැදෙනව නම් ඒක කිවුවට කමක් නෑ.

ඒ නිසා මේ රටේ පොල් පෝලිම් ඇතිවෙන්න හේතුවට වගකියන්න ඕනෑ රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ. ඒ අය කරපු වැරදි වැඩ නිසයි පොල් හිඟය ඇතිවෙලා තිබෙන්නේ . ඒ අය පොල් ඉඩම් කට්ටි කඩපු නිසයි. පොල් වලට පොහොර නොදුන්න නිසයි.

ඒ නිසා පරාජිත මේ රට විනාශ කරපු දූෂිත දේශපාලකයන් නැවත මේ අලුත් පාර්ලිමේන්තුවට යැවීම සඳහා ඔබලා කටයුතු කරන්න එපා. මේ රට ගොඩ නැගිය හැකි දක්ෂ, උගත්, දූෂණයෙන් තොර මාලිමාවේ බහුතර පිරිසක් පාර්ලිමේන්තුවට යැවීම සඳහා මේ මහ මැතිවරණයේදී කටයුතු කරන්න.

හොඳ සිය දෙනෙක් පාර්ලිමේන්තුවට ගිහිල්ලත් වැඩක් නෑ.එක් හොරෙක් පාර්ලිමේන්තුවට ගියොත් ඔක්කොම ඉවරයි.”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT