Local

ලංකාවේ අංක එකේ ධනපතියා බැසිල් රාජපක්‍ෂයි.. ඔහුට ධම්මික පෙරේරාටත් ණය දිය හැකියි.. විමල් වීරවංශ මහතා කියයි

Wednesday, 31 July 2024 - 3:28 pm

ලංකාවේ අංක එකේ ධනපතියා බැසිල් රාජපක්ෂ මහතා විය හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. ඔහුට ඇමෙරිකාවේ ඇති දේපළ නිසි තක්සේරුවක් කර ගණනය කිරීමක් සිදු කළොත් ඒ බව සොයා ගත හැකි වනු ඇති බවද හෙතෙම කියා සිටී.
ධම්මික පෙරේරා මහතාට පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා මුදල් අය ගන්නට ඇත්දැයි කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ ධම්මික පෙරේරා මහතාට අවශ්‍ය නම් මුදල් ලබා දීමට හැකියාව බැසිල් රාජපක්ෂ මහතාට ඇති බවයි.
එසේ නැතිව කිසිවෙකුගෙන් මුදල් ඉල්ලාගැනීමට තරම් අහේනියක් බැසිල් රාජපක්ෂ මහතාට ඇතැයි තමන් විශ්වාස නොකරන බවද ඔහු කියා සිටියේය.
බැසිල් රාජපක්ෂ මහතා පරම්පරා හතකට අවශ්‍ය ධනය එකතු කරගෙන ඇති බවත් පැවසූ ඔහු මහින්ද රාජපක්ෂ මහතා එසේ නොවන බවද නාමල් රාජපක්ෂ මහතා ගැන තමන් කියන්නට දන්නේ නැති බවත් කියා සිටියේය.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT