Local

යාපනයේ වායු දූෂණය අවම කිරීමට වැඩපිළිවෙලක් සකසන බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දෙයි

Thursday, 06 March 2025 - 9:45 pm

යාපනයේ වායු දූෂණය අවම කිරීමට වැඩපිළිවෙලක් සකසන බව නීතිපතිවරයා අභියාචනාධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.

යාපනය අර්ධද්වීපයේ ඉහළ යමින් පවතින වායු දූෂණය අවම කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යාපනයේ පදිංචිකාරියක වන වෛද්‍ය උමා සුකී නඩරාජා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද (06) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති, විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායකගෙන් සමන්විත අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ යාපනය අර්ධද්වීපය ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල වායු දුෂණය අවම කිරීමේ වැඩපිළිවෙළක් රජය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ වෙනුවෙන් විශාල වියදමක් දැරීමට සිදුවන බවත්, ඒ සඳහා විදේශීය ආයතන සහ සංවිධානවලින් ද ප්‍රතිපාදන ලබාගෙන එම කටයුතු ඉටු කිරීමට සැලසුම් කර ඇති බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය දන්වා සිටියා.

ඒ අනුව මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙසට අධිකරණය විසින් පාර්ශ්වකරුවන්ට නියෝග කර තිබෙන අතර, පෙත්සම ජූලි 05 වැනිදා යළි කැඳවීමට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT