Local

ආදිවාසීන්ගේ අයිතීන් රකින්න ගේන රෙගුලාසි

Tuesday, 23 January 2024 - 5:07 pm

රටේ සෙසු ජනතාවට තිබෙන අයිතීන් ආදිවාසී ජනතාවටද තිබිය යුතු බවත් එම ජනතාවට හැදි ගෑරුප්පු භාවිතා කර අහාර ගන්නා ලෙස කිව නොහැකි බවත් ඔවුන්ගේ කැමැත්තට සහ තෝරා ගැනීම් වලටද ඉඩක් තිබිය යුතු යැයි අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ අද(23) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අදිවාසී ජනතාවට තම ජීවිකාව ගෙනයාමේදී ඇතිවන ගැටළු සහ බාධක අවම කරගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව අලුතින් සකස් කරන ලද රෙගුලාසි පද්ධතිය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙහිදී නව රෙගුලාසි පද්ධතිය නීතිගත වීමට පෙර එහි ඇති අඩුපාඩු සහ සංශෝධනය කලයුතු තැන් පිළිබඳව එක් එක් පාර්ශවයන්ගෙන් තොරතුරු ලබාගැනීම සහ ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සිදුවිය.

මේ වන විට ආදිවාසීව්ගේ ජීවන රටාවට අදාලව නව පනත් කෙටුම්පතක් සකස් කිරීම පිළිබඳව පසුගිය කාලසීමාව තුළ සාකච්ඡාවට බදුන්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආදිවාසීන්ගේ ජීවන ගැටළු විසදීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේතුව ඇතුළු අදාල පාර්ශවයන්ගේ පූර්ණ සහාය ඇතිව නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට කටයුතු කරන ලෙස ගරු අමාත්‍යතුමා විසින් නීතිපති දෙපාර්තමේතුවට මීට පෙර පැවති සාකච්ඡා වටයකදී උපදෙස් ලබාදුන් අතර මේ වන විට එම කෙටුම්පත සකසමින් පවතී.

එම කෙටුම්පතට සමගාමීව ආදිවාසී ජනතාවගේ එදිනෙදා ජීවනෝපාය මාර්ගයන්ට මාර්ගෝපදේශ ලබාදීමට සහාය වීම සඳහා අවශ්‍ය කරන නව රෙගුලාසි පද්ධතියක අවශ්‍යතාවය ගරු අමාත්‍යතුමා විසින් පෙන්වා දුන් අතර ඒ පිළිබඳව වන රෙගුලාසි පද්ධතිය වනජීවී දෙපාර්තමේත්ව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව අලුතින් සකස් කර ඇත. එය වඩාත් සාර්ථක ක්‍රියාත්මක කිරීම සඳහා එම රෙගුලාසි පද්ධතියෙහි ඇති අඩුපාඩුකම් සහ සංශොධනයන් පිළිබඳව මෙම සාකච්ඡාවේදී වඩා වැඩි අවධානයක් යොමුවිය.

දශක තුන හතරක කාලයක පටන් මෙවැනි ක්‍රියාවලික අවශ්‍යතාවය මතුව තිබුණද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයත් සිදුවී නොමැති බැවින් මෙම සාකච්ඡා වටය අවසානයේදී අවසන් තීන්දුවක් ගෙන එය කඩිනමින් සම්මත කර ගැනීමට අවශ්‍ය බවට උපදෙස් ලබාදුන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ “ගහ කොල මෙන්ම සතා සිවුපාවුන් ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම ප්‍රාතමික ජන කොට්ඨාශයක් වන ආදිවාසී ජනතාවගේද මානව හිමිකම් අනෙක් ජනකොට්ටාශ වල වගේම ආරක්ෂා කරගන්න ඕන අපිට කියන්න බෑ ඔවුන්ට හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්න කියලා හරි හෝ වැරදි පාරම්පරිකව ඔවුන් තොරගත්ත විදිහ ඒක, ඒ අයගේ කැමැත්ත සහ තෝරා ගැනීම තමයි ඒ” යනුවෙනි.

මෙම අවස්ථාවට නීතිපති දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්ත්ව, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සහ අධිකරණ අමාත්‍යාංශය නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් එක්විය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT