Local

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු කේන්ද්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් හදනවා - සජිත් ප්‍රේමදාස

Monday, 19 August 2024 - 11:22 am

ජනාධිපති ක්රමය වෙනස් කරනවා කියා නායකයෝ හැමෝම කයිවාරු ගැසුවා මිස එය වෙනස් නොකළ බවත් ජනාධිපති ක්රමය වෙනස් කරනවා කියා පාලකයෝ දළදා වහන්සේ ඉදිරියේ පවා අත්සන් තැබුවත් ජනාධිපති පුටුවට ගියාම ඔවුන්ට ඒවා අමතක වී ඇති බවත් තමාට තනතුරු තාන්න මාන්න සම්බන්ධයෙන් ආසාවක් නොමැති නිසා තමා බලයට පත් වූ විගස විධායක ජනාධිපති ක්රමය අහෝසි කර පාර්ලිමේන්තුව කේන්ද්රීය ප්රජාතන්ත්රවාදී ක්රමය තමා වැළඳ ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ අද රුවන්වැල්ල දෙහිඕවිට ප්රාදේශීය සභා ක්රීඩාංගනයේ පැවැති 2024 ජනාධිපතිවරණය ජයග්රහණයෙන් විජයග්රහණය කරා ගෙන යන සිව් වැනි ජන රැළිය අමතමිනි.

රනිල් කියන්නේ රාජපක්ෂලා ආරක්ෂා කරන අයිජීපී

තමා වගකීම් බාර නොගත් බවට විවිධ පාර්ශ්ව කියමින් යන බවත් රාජපක්ෂලා සිටින තැන තමා නොසිටින බවත් රාජපක්ෂලාට කත් ඇද රට විනාශ කර රට බංකොලොත් කළ කණ්ඩායම්වල ප්රධාන ආරක්ෂක නිලධාරියා වෙලා රටේ ජනාධිපති අද රාජපක්ෂලා ආරක්ෂා කර අයි. ජී. පී. වී ඇති බවත් රාජපක්ෂලා රැකගන්න පොලිස්පති වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මම ප්රශ්නවලින් පැනලා ගියේ නැහැ

තමා ප්රශ්නවලින් පැන නොයන බවත් හැමදාමත්ම ජනාධිපතිවර අභියෝග ඉදිරියේ තමා ඉදිරිපත් වී ඇති බවත් තමා වෙනත් අපේක්ෂකයෝ දමා පක්ෂයේ නායකත්වය රැකගන්න ස්ථාවරයේ නොසිටි බවත් තව දින කිහිපයකින් එළඹෙන ජනාධිපතිවරණයේ දී හොරු සමඟ ඩීල් නැති දේශපාලන ගිවිසුම්වලට ජනමතය පාවා නොදෙන ඡන්දය ගත් ජනතාව අමතක නොකරන කෙලෙහිගුණ දන්නා යුගය බිහි කරන බවත් ඒ යුගය පොඩි මිනිසා රජකරන ස්වර්ණමය සංවර්ධන යුගය බවට පත් කර මේ රට විනාශ කළ බංකොලොත් කළ හොරු අල්ලන යුගය බවට පත් කරන බවත් තමාට හොරු වංචාකාරයෝ දූෂිතයෝ සමඟ ඩීල් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මට අනුප්රාප්තික ජනාධිපතිකම් නම් එපා

හොරු වංචාකාරයෝ එක්ක ඩීල් නොමැති නිසා තමා අනුප්රාප්තික ජනාධිපතිකම් බාර නොගත් බවත් තමා ජනාධිපති පුටුවට එන්නේ ජනතාවගේ ඡන්දයෙන් බවත් රටේ අයිතිකාරයා ලෙස නොව තාවකාලික බාරකාරයා ලෙස පොදුජන සේවකයා ලෙස හොරු අල්ලා හොරු හොරා කෑ සම්පත් නැවත රටට ලබා ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.

දැන් රටේ තිබෙන්නේ පළිගන්නා යුගයක්

පළිගැනීම, වෛරය, ක්රෝධය, තන්හාව අසීමිත ලෙස බලය භාවිත කිරිම තියෙන හැමදේම උපයෝගී කර ගෙන ජනතාවගේ ඡන්ද බලයත් අහිමි කර තමන්ගේ පුටුව රැක ගැනීම මෙන්ම ආත්මාර්ථකාමීත්වයෙන් ප්රචලිත වූ යුගයක ජිවත් වන මොහොතක ජන සමාජයේ බරපතල අසාධාරණකම් ඇති බවත් ආදායම් බෙදී යාමේ විෂමතා ඇති බවත් දුප්පත්කම වැඩි වී ඇති බවත් රටෙන් හරි අඩක් දුප්පතුන් වී ඇති බවත් මේ අයට කිසිදු විසදුමක් නොමැති බවත් නූපන් දරුවාගේ සිට කුඩා දරුවා දක්වාත් මව් පරපුර, යොවුන් පරපුර, සිසු පරපුර, වැඩිහිටියන් ආදී සමස්ත ජනතාවම අසීමිත ලෙස පීඩනයට හා අසහනයට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දූෂණය වංචාව හොරකම තුරන් යුගය යුගය නිර්මාණය කරනවා

ඇත්ත කතා කරන නිර්ව්යාජ විනිවිදභාවී මෙන්ම දූෂණය වංචාව හොරකම තුරන් යුගය යුගය සමගි ජන බලවේගය නිර්මාණය කරන බවත් ආර්ථික පුනරුදයක් ඇති කරන බවත් මේ වන විට රටේ ආර්ථිකය සිරගත කර ඇති බවත් ක්ෂුද්ර හා සාර්ව ආර්ථිකය කොටුකර ඇති බවත් රටේ කිසි ප්රශ්නයක් නැ කිව්වත් පොලිම් නෑ කිව්වත් හැමදේම ස්ථායීකරණයට ලක්ව ඇති බව කිව්වත් පොලිම් නැති කර ඇත්තේ සහනාධාර කපා, මිල වැඩි කර, අසහනය වැඩි කර, ජනතාවගේ ජන ජීවිත කුඩා කිරීමෙන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව දුප්පත් වෙලා. ජනාධිපතිගේ මිතුරෝ පොහොසත් වෙලා

ජනාධිපතිවරයාට හිතු හිතු ආකාරයට රට සවාරි යාම, ගජමිතුරන්ට ගෝලයන්ට කොන්ත්රාත් ලබා දීම, ලාබ ලබා දීම ආදිය සිදු කරන බවත් මේ වන විට සාමාන්ය ජනතාව දුප්පත්කමින් තෙරපී මිරිකී ඇති බවත් තුන්වේල කන්න නැති ලක්ෂ සංඛ්යාත ජනතාවක් සිටින මේ රටේ ජනතාව දුකින් මුදවන යුගය සැප්තැම්බර් 21 නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වගා නොකළ තේ ඉඩම් වතුකරයේ ජනතාවට ලබා දෙනවා

එසේම වගා නොකළ රජයේ තේ ඉඩම්, වගා නොකළ පෞද්ගලික ආයතනවල තේ ඉඩම් ආදිය වතු ක්ෂේත්රයේ සේවය කරන ජනතාවට මෙන්ම රැකියා විරහිත තරුණයන්ට ලබා දී කුඩා තේ වතු හිමියන් ලෙස සවිබල ගන්වන බවත් ඔවුන්ගේ දායකත්වය ද තේ නිෂ්පාදනයට ලබා දෙන බවත් රටේ තේ නිෂ්පාදනයට වැඩිම දායකත්වයක් ලබා දෙන තේ නිෂ්පාදකයන් සවිබල ගන්වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT