Local

ආහාර උද්ධමනය 2024 වර්ෂයේදී තවදුරටත් අඩු වෙනවා

Friday, 10 November 2023 - 6:09 pm

  • මිල පාලනය සඳහා අදාළ අංශ වෙතින් වාර්තා කැඳවා තිබෙනවා – වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු.
ඉදිරි වසරේ තවදුරටත් ආහාර උද්ධමනය අඩු වන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
එසේම ආහාර ද්‍රව්‍යවල මිල 2024 වර්ෂයේ දී කොපමණ දුරට පාලනය කල හැකි ද යන්න පිළිබඳව වැටහීමක් ලබාගැනීම සඳහා මේ වන විට ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් වාර්තා කැඳවා තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කලේය.
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ‍මෙසේද පැවසීය,
ආහාර මිල සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව අප විසින් අවධානය යොමු කළ කාරණා කිහිපයක් තිබෙනවා. ඒ වගේම තවදුරටත් ආර්ථිකය ශක්තිමත් කිරීමේදී රටට අවශ්‍ය බදු ප්‍රමාණය රැස් කරගැනීම සඳහා ද තීන්දු කිහිපයක් ගැනීමට සිදුවුණා. එහිදී මුදල් අමාත්‍යාශය විසින් සීනි සඳහා ශත 25ක් ලෙස පැවති බද්ද රුපියල් 50 දක්වා යළි වැඩි කරනු ලැබුවා. එහිදී පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් සීනි කිලෝ ග්‍රෑම් 01ක් සඳහා රුපියල් 275ක පාලන මිලක් හඳුන්වාදීමට ද කටයුතු කළා. ඒ වගේම සීනී ආනයනයකරුවන් 14 දෙනාගෙන් 12 දෙනෙකු සතුව අවශ්‍ය සීනි තොග පවතින බව ද දැනුම් දී තිබෙනවා. එම සීනි තොග අවසන් වන තුරු ඔවුන්ගේ ගබඩා පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් විසින් දිනපතා නිරීක්ෂණය කරනවා. සීනී සඳහා වන පාලන මිල වන රුපියල් 275ට වැඩියෙන් අලෙවි කරන වෙළඳුන් වැටලීම සඳහා ද නිළධාරින් දැනුවත් කර තිබෙනවා.
ඒ වගේම මෙරට තුළ සිදුකරමින් තිබෙන ආහාර නිෂ්පාදන ප්‍රමාණය කොපමණ ද ? ඉන් කොපමණ ප්‍රමාණයක් වෙළඳපලට නිකුත් කෙරෙනවා ද ? ඒවා වෙළඳපලට නොලැබීම තුළ පාරිභෝගිකයාට කොපමණ මිල වැඩිවීමකට මුහුණ දීමට සිදුවනවා ද ? යන්න පිළිබඳව අප මේ දිනවල පරීක්ෂා කරමින් සිටිනවා. උදාහරණයක් ලෙස 2024 වර්ෂයේ දී සහල් මිල සම්බන්ධයෙන් අප මේ දිනවල පුරෝකතන සිදු කරනවා.
ඒ වගේම අප අමාත්‍යාංශය විසින් ධීවර, කෘෂිකර්ම සහ පශු සම්පත් අමාත්‍යංශය වෙතින්ද මේ ආකාරයටම වාර්තා කැඳවා තිබෙනවා. ඒ හරහා රට තුළ ආහාර සුරක්ෂිතතාවය කොපමණ දුරට පවත්වාගෙන යාහැකි ද, සහ 2024 වර්ෂයේ දී කොපමණ දුරට මිල පාලනය කල හැකි ද යන්න ඇතුළු තවත් සංවේදී දත්ත පිළිබඳව වැටහීමක් ලබාගැනීමට ද බලාපොරොත්තු වනවා. මේ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ඉදිරි වර්ෂය සඳහා පාරිභෝගිකයාට සහතිකයක් ලබාදිය හැකි වනවා. ඒ වගේම භාණ්ඩ ආනයනය සම්බන්ධව ද අවබෝධයක් ලබාගත හැකියි. මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීමට අවස්ථාව ලැබීම තුළින් ඉදිරි වසරේ තවදුරටත් ආහාර උද්ධමනය අඩු වන බව විශ්වාස කළ හැකියි.
එමෙන්ම සෑම මසකම මෙරටට බිත්තර මිලියන 30ක් පමණ ආනයනය කරනවා. කඩාවැටුණු නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වන තුරු බිත්තර ආනයනයන් සිදු කිරීමට ද අප බලාපොරොත්තු වනවා. ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් 31 දක්වා ම බිත්තර ආනයනය සිදු කරනු ලබනවා. ඒ සමග උත්සව සමයේදී වෙළදපල තුළ බිත්තර හිගයක් ඇති නොවීමට රජය වග බලා ගන්නවා.
පසු ගිය දිනවල වෙළදපොලේ කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 1700ක්ව පැවති කුකුළු මස් මිල නිෂ්පාදකයින් සමග සාකච්ඡා කිරීමෙන් පසු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 1150ක මිලකට වෙළඳපලට නිකුත් කිරීමට හැකිවී තිබෙනවා. මේ තත්ත්වය වසර අවසන් වනතුරු පවත්වාගෙන යාමට හැකි බව අපගේ විශ්වාසයයි. එම මිල ගණන් පසුකර යාමට නිෂ්පාදකයින් සූදානම් වුවහොත් කුකුළු මස් ආනයනය කිරීමට ද සූදානම් බව අප ඔවුන්ට දැනුම් දී තිබෙනවා.


Top Stories
wedivistara

හිස් ඡන්ද පෙට්ටි රටපුරා යවයි.. 21 පුරවා ආපසු…

wedivistara

අද රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලය

wedivistara

සමාජ ජාලා නිරීක්‍ෂණය අරඹයි..

wedivistara

ගාළු මුවදොර අරගලකරුවන්ගේ සම්පූර්ණ සහාට සජිත්ටයි..

wedivistara

සජිත් දැන් අපි නිසා වෙනස් වෙලා.. දැන් එයා පරිණතයි..

wedivistara

ඇමති හතරක මාලිමා කැබිනෙට්ටුව නම් කර සූදානම් කරයි..

Trending
wedivistara

තවමත් ලංකාව අර්බුදයේයි.. අමාරුවෙන් ලැබූ ජයග්‍රහණ රැකගැනීම වැදගත්… - IMF මාධ්‍ය හමුවක

wedivistara

අමාත්‍යංශ ලේකම්වරුන් හා පරිපාලන ජ්‍යෙෂ්ඨයන් රැසක් ගෙදර යති..

wedivistara

රනිල් වෙනුවෙන් මහා සංඝරත්නය මහින්දගෙන් කළ ඉල්ලීම

wedivistara

IMF ගමන වැටුනොත් රට ලොකුම අමාරුවක වැටෙනවා.. මෙහෙම හරි දුවන්නේ IMF නිසයි..

wedivistara

සියළුම වාහන ආනයනයට අවසර ලැබේ..

wedivistara

ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරන්න අනුර සුදානමින්


NEWS ALERT