Local

සීඝ්‍රයෙන් පැතිර යන චර්ම රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්

Friday, 22 March 2024 - 4:35 pm

මෙරට පුද්ගලයින් අතර චර්ම රෝග තත්ත්වයක් විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අගවයි.

ඔවුන් පවසන්නේ එම රෝගි තත්ත්වය මේ වන විට වසංගතයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවයි.

වැඩිහිටියන් හා ළමුන් අතරද මෙම රෝගය වාර්තා වන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට සඳහන් කරයි.

”ටීනියා” නමින් හඳුන්වන මෙම චර්ම රෝගය වයස් භේදයකින් තොරව සියලු දෙනා අතර පැතිර යාමේ හැකියාව පවතින බවත් සිරුරේ ඕනෑම ස්ථානයක එම චර්ම රෝගය ඇති විය හැකි බවටත් විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

ඔවුන් පවසන්නේ දහඩිය වැඩි වශයෙන් රැඳෙන ස්ථාන ආශ්‍රිතව මෙන්ම හිස ආශ්‍රිතව ද මෙම රෝගය ව්‍යාප්ත වන බවයි.

රවුම් හැඩයක් ගන්නා දදයක් ආකාරයෙන් එම රෝගය සිරුර පැතිරෙන අතර, නිතර කැසීම එහි ප්‍රධානතම ලක්ෂණ වේ.

මෙම චර්ම රෝගය ස්පර්ශය මගින් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින අතර , එය සුරතල් සතුන් හරහා බෝ විය හැකි බවත් වෛද්‍යවරුන් පවසයි.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මේ වන විට රටතුල ව්‍යාප්ත වන ටීනියා චර්ම රෝග ප්‍රභේදය මීට වසර 10 කට පෙර පැවති රෝගයට වඩා වෙනස් වු රෝගයක් බවයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT