Local

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

Monday, 04 November 2024 - 7:41 pm

ප්‍රදේශ කිහිපයකට පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

එම සංවිධානය පැවසුවේ අද (04) පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවය.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, දෙහිඹ්විට, ⁠මාවනැල්ල, බුලත්කොහුපිටිය, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, ⁠කුරුවිට,⁠ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත 'අවදානයෙන් සිටින්න' යන නිවේදනය නිකුත් කර තිබේ.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, හල්දුම්මුල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත, ⁠යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකපොල, ⁠යටියන්තොට,  කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පොල්ගහවෙල, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, ⁠අකුරැස්ස, ⁠පස්ගොඩ, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, ⁠අයගම, ⁠බලංගොඩ, ⁠ඉඹුල්පෙ, ⁠ඕපනායක, ⁠කිරිඇල්ල, ⁠කලවාන, ⁠කහවත්ත, ⁠ඇලපාත, ⁠⁠ගොඩකවෙල, ⁠පැල්මඩුල්ල යන ප්‍රාදේශ ලේකම් කොට්ඨාස සඳහා 'විමසිලිමත් වන්න' යන නිවේදනයත් නිකුත් කර තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT