Local

නිළි රැජින මාලනීගේ දේහය අද ජාතික චිත්‍රපට සංස්ථාවට

Sunday, 25 May 2025 - 11:41 am

අභාවප්‍රාප්ත සිංහල සිනමාවේ නිළි රැජින, ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය අද (25) පෙරවරු 10 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේ දී මහජන ගෞරවය වෙනුවෙන් තැන්පත් කෙරේ .

මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය ඊයේ (24) පස්වරු 5:00ට ඇයගේ නිවස වෙත රැගෙන ආවේය.

නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය ඊයේ අළුයම අභාවප්‍රාප්ත වූයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. මියයන විට ඇය 78 වන වියේ පසුවිය.

ඇයගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට(26) නිදහස් චතුරශ්‍රයේ දී සිදු කිරීමට නියමිතය.

මේ අතර නාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ ලාංකේය සිනමාවේ සැබෑ නිරුපිකාවක් වූ මාලනි ෆොන්සේකාගේ අභාවය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පාවට පත්වන බව යි.

ඇගේ කරුණාව හා දක්ෂතාවයෙන් පරම්පරා ගණනාවක් ආභාශය ලැබූ බව එහි දැක්වේ.

ඇය දිවි සැරිය නිම කරනුයේ තවත් එක් කලාකාරිනියක හෝ ශිල්පිනියක නොව වේදිකා නාට්‍ය, සිනමාව, සහ ටෙලි නාට්‍යද යන සියලුම අංශයන් හී අසාමාන්‍ය ප්‍රතිභාවක් විදහා දැක්වූ රංගවේදිනියක ලෙස බවත් ජනාධිපතිවරයාගේ සටහනෙහි සඳහන් වේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT