Local

ආන්දෝලනාත්මක සිද්ධි පරීක්ෂණ කඩිනම් කිරීමට පියවර

Wednesday, 16 October 2024 - 11:36 am

පසුගිය වසර කිහිපය තුළ රටේ සිදුවූ දේශපාලන ඝාතන, පැහැරගැනීම් හා මූල්‍ය වංචා හේතුවෙන් පීඩාවට පත්වූ සියලුදෙනාට හැකි ඉක්මනින් යුක්තිය ඉටු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පවසනවා.

දේශපාලනිකව පොළඹවන ලද මෙම අපරාධ රැල්ල අතරින් නවතම සිදුවීම වූයේ ශ්‍රී ලාංකිකයන් පමණක් නොව විදේශිකයන් කිහිප දෙනෙකුද ඝාතනය වූ පාස්කු ඉරිදා ප්‍රහාරයයි.

මෙම ප්‍රහාරය එල්ල වන බවට බුද්ධි අංශ වාර්තා කරන විට කඩිනම් පියවර ගත්තේ නම් 2019 අප්‍රේල් 21 දා සිදුවූ මෙම ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට හැකිව තිබූ බවද ඒ මහතා සඳහන් කර සිටියා.

මෙහිදී ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා කටයුතු නොකළ නිලධාරීන්ට එරෙහිව පවා නීතිය ක්‍රියාත්මක කරන බවයි රවී සෙනෙවිරත්න මහතා සඳහන් කර සිටියේ.

තවද ඒ මහතා සඳහන් කර සිටියේ සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වීරතුංග හා රගර් ක්‍රීඩක වසීම් තාජුඩින්ගේ සිරුරු වැඩිදුර පරීක්ෂණ සඳහා ගොඩගනු ලැබුවද පසුගිය පාලන සමයේ සිදුවූ විවිධ හේතු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පරීක්ෂණ අවසන් කිරීමට නොහැකි වී තිබෙන බවයි.

එමෙන්ම කීත් නොයාර්, පෝද්දල ජයන්ත හා උපාලි තෙන්නකෝන්, ප්‍රගීත් එක්නැළිගොඩ, භාණ්ඩාගාර බැඳුම්කර වංචාව හා සීනි වංචාව යන මේ සිදුවීම් විමර්ශනය කළ නිලධාරීන් ඉතා වැදගත් තොරතුරු එක්රැස් කරගත්තද දේශපාලන මැදිහත්වීම් නිසා එම පරීක්ෂණ යම් ස්ථානයක සිට ඉදිරියට ගෙනයාමට නොහැකිවී ඇති බවයි ඒ මහතා සඳහන් කර සිටියේ.

මේ නිසා සියලු අපරාධකරුවන්ට දේශපාලන හිතවත්කම් හා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට ඇපකැප වන බව වැඩිදුර අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා සඳහන් කර සිටියා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT