Local

Seed Tray පැරෂුට් තැටි ගොවි ජනතාවට සහනාධාරයක් යටතේ

Tuesday, 04 June 2024 - 8:37 pm

2024 මහ කන්නයේ දී ගොවීන් 4000කට රුපියල් ලක්ෂ 40ක් වටිනා Seed Tray පැරෂුට් තැටි 75% සහනාධාර පදනම යටතේ ලබා දීමට කටයුතු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. මේ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ජනාධිපතිතුමන් විසින් අනුමැතිය ලබා දී ඇති බව ද අමාත්‍යවරයා පවසයි.

හෙක්ටයාර් එකකට Seed Tray පැරෂුට් තැටි 1000ක් අවශ්‍ය අතර පැරෂුට් තැටි 750ක් රජය විසින් නොමිලයේ ගොවීන්ට ලබා දෙයි. Seed Tray පැරෂුට් තැටි 250කට යන වියදම ගොවියා විසින් දැරිය යුතුවේ. සාමාන්‍යයෙන් මෙම Seed Tray පැරෂුට් තැටි වගා කන්න හයක් පමණ භාවිතා කිරීමට හැකි බවද කෘෂි අංශ අවධාරණය කර සිටී.

සාමාන්‍යයෙන් අක්කරයක වී වගා කිරීම සඳහා Seed Tray පැරෂුට් තැටි 400ක් අවශ්‍ය වේ. ඉන් සියයකට යන වියදම ගොවියා විසින් දැරිය යුතු අතර 300ක් සඳහා රජය විසින් අනුග්‍රහය දක්වයි. ඒ අනුව එම Seed Tray පැරෂුට් තැටි 300 නොමිලයේ ලබා දීමට පියවර ගෙන ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ගොවි ජනතාවට නව කෘෂි තාක්ෂණය හඳුන්වා දීමේ වැඩ පිළිවෙළ යටතේ ගොයම් පැළ සිටුවීම සඳහා මෙම Seed Tray පැරෂුට් තැටි භාවිතා කිරීම හඳුන්වා දී ඇත. වී වගාව සඳහා Seed Tray පැරෂුට් තැටි භාවිතය මගින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වන අතරම වල්පැළ මර්දනය සඳහා මුදල් වැය කිරීමට සිදු නොවීම මෙන්ම අවම පොහොර ප්‍රමාණයක් භාවිතා කළ හැකි වීම නිසා අනිසි ලෙස වගාව සඳහා මුදල් වැයවීම අවම කර ගැනීමට ගොවි ජනතාවට හැකි බව කෘෂිකර්ම අංශ පෙන්වා දෙයි.

මේ නිසා ඉදිරි මහ කන්නයේ දී ගොවීන් 4000කට අක්කර 1000ක් සඳහා 75% සහන පදනම යටතේ Seed Tray පැරෂුට් තැටි ලබා දීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT