Local

ජාජබය විජේවීරගේ අරමුණුවලින් බැහැරව ගමන් කරනවා

Monday, 24 June 2024 - 7:45 am

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගය මේ වනවිට පෙනී සිටින බවත් එදා රෝහණ විජේවීර ඇතුළු 60,000 ක් ජීවිත පූජා කරමින් අපේක්ෂා කළ අරමුණුවලින් බැහැරව ඔවුන් ගමන් කරන බවට හොඳම උදාහරණය මෙය බවත් දෙවන පරපුර දේශපාලන සංවිධානයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ එදා කළාක් මෙන් සන්නද්ධ ක්‍රියාවලියකට නොගොස් ප්‍රජාතන්ත්‍රවාදය හා ගැට ගැහුණු දේශපාලනයක තම සංවිධානය නිරත වන බව ද ඒ මහතා කීය.

පේරාදෙණියේ දී පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විජේවීර මහතා මේ බව පැවැසුවේය.

තම පියා ජනතා විමුක්ති පෙරමුණ බිහි කළ අවස්ථාවේ පැවැති අරමුණුවලින් බැහැරව මේ වනවිට එම පක්ෂය වෙනත් දේශපාලන ගමනක නිරත වෙමින් තිබෙන්නේ යැයි ද ඒ මහතා කීය.

ඉදිරියේ දී පැවැත්වෙන සෑම මැතිවරණයකටම දෙවන පරපුර අපේක්ෂකයින් ඉදිරිපත් කරන බවත්, පවතින දූෂිත වළල්ලේ කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ සන්ධාන ගතවීමට දෙවන පරපුර සූදානම් නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.

නායකයෝ මියයන විට පක්ෂ, පෙරමුණු කෑලි කෑලිවලට කැඩීයාමේ ඉරණමට ජනතා විමුක්ති පෙරමුණ ද මුහුණ දුන් බවත් ජාතික ජනබලවේගය, පෙරටුගාමි, ජාතික නිදහස් පෙරමුණ, ජනතා සේවක පක්ෂය ආදි විවිධ කොටස්වලට පක්ෂය විතැන්ව තිබෙන බවත් කී ඒ මහතා වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනා ඇතුළත් පරණ පක්ෂවලට රට ගොඩ නැඟීමට නොහැකි බව ඔවුන් විසින්ම ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වා දී ඇතැයි ද අවධාරණය කළේය.

වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂ නායකයෙකුම ආණ්ඩු පිහිටුවීමට දායකත්වය ලබා දෙමින් එම ආණ්ඩුවල ඇමැතිකම් දරා තිබෙන බවත් අලුතින් රට ගොඩනඟන බව කියන්නට ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් විජේවීර මහතා ප්‍රකාශ කළේය.

අසේල කුරුළුවංශ


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT