Local

අලුතින් සුරාබදු බලපත්‍ර දීමේදී අපි කප්පම් ගන්නේ නෑ – සුරාබදු කොමසාරිස් ජනරාල් කියයි

Thursday, 21 March 2024 - 8:19 am

අලුතින් සුරාබදු බලපත්‍ර ලබා ගැනීමට යෑමේදී රුපියල් කෝටි 02ක කප්පමක් ගෙවීමට සිදුවන බවට නැඟෙන චෝදනාව තරයේ බැහැර කරන බවත් එවැනි දෙයක් සිදු කරන්නේ නම් ඔප්පු කර පෙන්වන මෙන් තමන් අභියෝග කරන බවත් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි ප්‍රකාශ කළේය.

අලුතින් සුරාබදු බලපත්‍ර ලබාදීමේදී දෙපාර්තමේන්තුවේ කිසිවකු කප්පම් ලබා නොගන්නා බව අවධාරණය කළ කොමසාරිස් ජනරාල්වරයා එක් බලපත්‍රයක් සඳහා එක් වරක් අය කරන රුපියල් කෝටි එකහමාරක මුදලක් රාජ්‍ය ආදායම ලෙස ලබා ගැනීම සිදු කරන බව සඳහන් කළේය.

ඒ අනුව මේ වසරේ ජනවාරි සිට මේ දක්වා අලුතින් බලපත්‍ර 12ක් දී රජයට මිලියන 150ක අතිරේක ආදායමක් ලබාදී ඇතැයි ද ඔහු කීය.

සුරාබදු බලපත්‍ර ලබාදීමේදී රජය අනුගමනය කරන නීත්‍යනුකූල ක්‍රමවේදය ඔස්සේ ඉදිරියටත් ඉල්ලුම් කරන සුදුසුකම් සපුරාලන සියලුදෙනා වෙත ඒවා ලබා දීම සිදුකෙර්.

එහිදී කිසිදු කප්පම් මුදලක් දෙපාර්තමේන්තුව ලබා නොගන්නා බවත් රජය ආදායම වැඩි කර ගැනීමට ගාස්තු අය කරන බවත් පැහැදිලි කළ කොමසාරිස් ජනරාල්වරයා මේවා පිළිබඳ කරුණු දැන හෝ නොදෙන ඇතැම් අය නඟන චෝදනා තරයේම ප්‍රතික්ෂේප කරන බව ද කියා සිටියේය.

සුරාබදු දෙපාර්තමේන්තුවට පැවැරී ඇති රාජකාරී ඉටු කිරීමේදී කිසිවකුටත් පක්ෂග්‍රාහී වී හෝ වෙනයම් බලපෑමකට යටත්ව කටුයුතු නොකරන බව තම ස්ථාවරයයි, ඒ වගේම කුමන බාධා තර්ජන ගර්ජන පැමිණියත් රාජකාරී ඉටු කිරීම අකුරටම කරන බව කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයට පිළිතුරක් ලෙස විශේෂ නිවේදනයක් නිකුත් කරන එම දෙපාර්තමේන්තුව රජයේ ප්‍රතිපත්තිය මත සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ සහ නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය අවම කිරීම සඳහා නව සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම සිදු කරන බව කියා සිටියේය.

වසර 2024 අය-වැය යෝජනා අනුව සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළ දැමූ රජය ඉන් අපේක්ෂා කළේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමයි. ඒ හැරෙන්නට කප්පම් මුදල් ලබා ගනිමින් නව බලපත්‍ර ලබාදීමක් කිසිසේත්ම සිදු නොවන බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT