Local

ව්‍යාජ රට රැකියා ජාවාරමක්

Tuesday, 22 October 2024 - 10:01 am

ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින්ට මුදල් ගෙවන ලෙස ලබාදෙන ඇමතුම්වලට සිය කාර්යංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

එහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමීණී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, මුදල් ගෙවා ඇති ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින් කිසිවෙකු යළිත් මුදල් ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති බවය.

යම් පුද්ගලයෙකු විසින් දුරකථන ඇමතුම් ලබා දෙමින් රුපියල් 14,700ක මුදලක් ගෙවන ලෙසට ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින්ට දැනුම් දී ඇති බවට පැමිණිලි කිහිපයක් විදේශ සේවා නියුක්ති කාර්යංශයට ඊයේ (21) දිනය තුළ ලැබී තිබේ.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන විදේශ සේවා නියුක්ති කාර්යංශයේ  ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා,

'ඊශ්‍රායලයේ කෘෂිකර්ම කේෂ්ත්‍රයේ රැකියා සඳහා යෑමට නියමිතව සිටින පිරිසගෙන්, ඇත්තටම මොවුන් මේ වනවිට මුදලුත් ගෙවලා ඉන්නේ කාර්යාංශයට. ඔවුන්ගෙන් රු 14,700ක මුදලක් නැවත ගෙවන ලෙස වංචනිකව කිසියම් පුද්ගලයෙකු විසින් පණිවුඩයක් යොමුකරලා තියෙනවා. ඔහු හඳුන්වා දීලා තියෙන්නේ කාර්යාංශයේ නිලධාරියෙක් විදියට. එවැනි තොරතුරක් කිසිදු ආකාරයකට කාර්යාංශය විසින් නිකුත් කරලා නෑ. 123 දෙනෙක් පමණ රැකියා සඳහා යෑමට නියමිතව තිබේ. ඔවුන්ගෙන් ලැබුණු පැමිණිලි අනුව තමා අපි විමර්ශන සිදුකළේ. අනෙක් කාරණය වන්නේ මේ ඇමතුම ලබාදීලා තියෙන පුද්ගලයා සඳහන් කරලා තියෙනවා යම් වාණිජ බැංකුවක ගිණුමකට සල්ලි බැරකරන ලෙස. කිසිදු ආකාරයක එවැනි ක්‍රියාවල කාර්යාංශය සිදුනොකරන බව මෙයින් දැනුම්දෙනවා. එවැනි දෙයක් ඇත්නම් 1989 දුරකථන අංකයට යොමු කරන්න...'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT