Local

හිස් පත­රොම් 6ක් අරන් සිරි දළදා වඳින්න ගිහින්

Saturday, 06 January 2024 - 2:17 pm

ගිනි අවි සඳහා යොදාගන්නා හිස් පතරොම් 6ක් රැගෙන ශ්‍රී දළදා මාලිගාවට ඇතුළු වීමට උත්සාහ කළ කෑගල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් ශ්‍රී දළදා මාලිගාවේ පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (5) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුගේ ගමන් බෑගය මහනුවර රැජින හෝටලය ඉදිරිපිට ඇති දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුමේදී ස්කෑන් යන්ත්‍රවලට යොමු කර පරීක්ෂා කිරීමේදී මේ හිස් පතරොම් හමු වූ බව පොලිසිය පවසයි. බෝර 12 ගිනි අවි සඳහා යොදාගන්නා මේ හිස් පතරොම් තමන් සතු නීත්‍යනුකූල ගිනි අවිය සඳහා යොදාගත් ඒවා බව සැකකරු පොලිසියට පවසා තිබේ. අසනීප තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ගැනීමට මහනුවර පැමිණි අවස්ථාවේ දළදා සමිඳු වැඳපුදාගැනීමට ගිය බවත්, ගමන් බෑගයේ හිස් පතරොම් තිබෙන බවක් නොදැන සිටි බවත් සැකකරු පොලිසියට පවසා තිබෙන අතර, පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT