Local

බිහිසුණු රිය අනතුරකින් විදේශිකයින් දෙදෙනෙක් මරුට

Tuesday, 30 January 2024 - 9:59 pm

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේදී අද(30) සවස සිදු වූ රිය අනතුරක් විදේශිකයන් දෙදෙනෙක් මිය ගොස් ඇත.

යතුරු පැදියක් හා බස් රථයක් ගැටීමෙන් අදාළ අනතුර සිදුව තිබේ. මාතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් ධාවනය වූ බස් රථයකට ඉස්සර කිරීමට යාමේ දී බස් රථයේ පිටුපස ගැටී මාර්ගයේ පෙරලී ගොස් විරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැ‌ටී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු එම ස්ථානයේ දීම මිය ගොස් ඇති අතර පසු පැදිකාරිය වලාන රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මරණකරු සහ මරණකාරිය විදේශ ජාතිකයන් දෙදෙනෙක්වන අතර ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු සහ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මිදිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT