Sports

ක්‍රිකට් දුෂණ සම්බන්ධයෙන් තිදෙනෙකුට දඬුවම්

Thursday, 08 August 2024 - 1:02 pm

අබුඩාබි T10 ලීග් තරගාවලියේ දී දුෂණ සිදුකළ බවට චෝදනා එල්ලවූ තිදෙනෙක් ට දඬුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

ඒ 2021 තරගාවලියේ දී සිදුකළ බවට සැක කෙරෙන දූෂණ හේතුවෙනි. 

එහිදී වැරදිකරුවන් වී ඇත්තේ පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වූ අෂාර් සයිඩි, සහ එම කණ්ඩායමේ හිමිකරුවන් වූ පරාග් සන්ගාවී සහ ක්‍රිෂාන් චවුද්රි යන තිදෙනා ය. 
 
ඔවුන් සිය වැරදි පිළිගත් බව ICC නිවේදනයෙහි දැක්වෙයි.

ඒ අනුව සයිඩි ට වසර 5ක ක්‍රිකට් තහනමක් පනවා ඇති අතර අනෙක් දෙදෙනාට වසර දෙක බැගින් ක්‍රිකට් තහනම් කර තිබුණි.

නමු එම දඬුවම් වලට අදාළ අවසන් වසරේ දඬුවම අත්හිටුවා තිබේ.

දඬුවම 2023 සැප්තැම්බර් 19 වනදා සිට ක්‍රියාත්මක බව ICCය නිවේදනය කළේය. ඒ අනුව පරාග් සන්ගාවී සහ ක්‍රිෂාන් චවුද්රි ට 2024 සැප්තැම්බර් 19 වනදා සිටද සයිඩි ට 2027 සැප්තැම්බර් 19 වනදා සිටද ක්‍රිකට් ක්‍රීඩාව සමග සම්බන්ධ විය හැකිය.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT