Local

සූකර කර්මාන්තය නඟා සිටුවීමට විශේෂ කාර්ය සාධක බලකායක්

Tuesday, 03 June 2025 - 9:27 pm

අප්‍රිකානු සූකර උණ වසංගතය හේතුවෙන් මෙරට සූකර කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වූ අතර, එය යළි නඟා සිටුවීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

මේ වනවිට සූකර ගොවිපොළ 1,594ක මෙම රෝගය ව්‍යාප්ත වී ඇති අතර, එමගින් ඌරන් 61,695ක් මියගොස් ඇති බවත්, වනාන්තර ආශ්‍රිතවද වල් ඌරන් විශාල සංඛ්‍යාවක් මෙම රෝගයට ගොදුරු වී මියගොස් ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

රෝගයේ ව්‍යාප්තිය, රෝග කාරක වෛරසයේ හැසිරීම සහ එය පරිසරය තුළ සංසරණය වන ආකාරය පිළිබඳව නිශ්චිත විද්‍යාත්මක තොරතුරු නොමැතිවීම හේතුවෙන්, සූකර ගොවිපොළ නැවත ආරම්භ කිරීම අවදානම් සහගත වී ඇති බවද මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව, අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයාගේ සම සභාපතීත්වයෙන් හා අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ නියෝජනයෙන් යුතුව මෙම විශේෂ  කාර්ය සාධක බලකාය පත්කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT